Colombo Today Local News

නරක් වූ බීජ අර්තාපල් වෙනුවට අලුත් තොගයක් නොමිලේ දෙන්න එකඟවෙයි

යාපනයේ කුප්පවේලි ප්‍රදේශයේ ගබඩාවකට වැසි ජලය කාන්දු වීම හේතුවෙන් නරක් වූ බීජ අර්තාපල් තොගය වෙනුවට හොඳ බීජ අර්තාපල් තොගයක් නොමිලයේ ම ලබා දීමට අදාල සමාගම එකඟත්වය පළ කළ බව කෘෂි නව්‍යකරණ අංශයේ නිලධාරීන් කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

මෙම බීජ අර්තාපල් තොගය කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි අංශ නව්‍යකරණ ව්‍යාපෘතිය විසින් ඔස්ට්‍රේලියාවේ සිට මෙරටට ආනයනය කර ඇති අතර පෞද්ගලික සමාගමක් ඒවා ආනයනය කර තිබේ.

යාපනයේ අර්තාපල් ගොවීන්ට නොමිලයේ බෙදා දීමට මෙට්‍රික් ටොන් 20ක් වන බීජ අර්තාපල් තොගය ගබඩා කර තිබිණි. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 10කි.

ඒ අනුව, මෙම බීජ අර්තාපල් නරක් වීමට ප්‍රධාන හේතුව පසුගිය කාලය පුරාම යාපනය ප්‍රදේශයට ඇදහැළුණු වර්ෂාව නිසා ගබඩාවට ජලය කාන්දු වීම බව ද අනාවරණය වි ඇත.

Related posts

සියළුම ධීවර වරායන් විකුණා දමන්න ගෙනා යෝජනාවට කැබිනට් අනුමැතිය !

colombotoday

අනිවාර්යයෙන්ම චීන යුධ හමුදාවෙන් ඇවිල්ලා තියෙනවා

colombotoday

අවුරුදු තුනහමාරක දැරියක් කොරෝනා වෛරසයෙන් මිය යයි.

colombotoday

ගල්ගමුව තැපැල් කාර්යාලයේ සේප්පුව හොරු කඩලා

Admin

මේ ජනාධිපතිවරයා යටතේ අමාත්‍ය ධූර බාර ගන්නේ නෑ

colombotoday

සංචරණය ලිහිල් කළ කාලයේදී 7 දෙනෙක් මග මරුවන්ට බිලි

colombotoday