Colombo Today Local News

එමිරේට්ස් ගුවන් මගි තහනම තවදුරටත් දීර්ඝ කරයි

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් තුනක ගුවන් මගීන් රැගෙන යාම තාවකාලිකව අත්හිටුවීමට එමිරේට්ස් ගුවන් සේවය ගෙන තිබූ තීරණය ලබන ලබන 21 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට එම ගුවන් සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාව, පාකිස්ථානය හා බංග්ලාදේශය යන රටවලින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මගීන් රැගෙන යාම 21 තෙක් සිදු නොකෙරෙන බවද එමිරේට්ස් ගුවන් සේවා සමාගම කියා සිටී.

කෙසේ වෙතත් එක්සත් අරාබි එමිර් රාජ්‍යය ජාතිකයින්ට, එමීර් රාජ්‍යයේ වීසා හිමිකම ඇති පුද්ගලයින්ට සහ විදේශ සේවයේ නිරත තානාපති සේවා නිලධාරීන්ට මෙම තහනම බල නොපාන බවද එමිරේට්ස් ගුවන් සේවා සමාගම වැඩිදුරටත් පෙන්වා දේ.

පවතින කොවිඩ් නව ප්‍රභේද වාර්තා වීම් නිසා පසුගිය සති දෙකක කාලය තුළ ශ්‍රී ලංකාව, පාකිස්ථානය හා බංග්ලාදේශය යන රටවල සංචාරය කළ කිසිදු පුද්ගලයකුට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුළුවීමට ද අවසර ලබා නොදීමට එමීර් රජය ගත් තීරණ 15 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ.

Related posts

ආංශික අධීක්ෂණ කාරක සභා 17ක් අද පිහිටුවයි

Admin

ජන අරගල ව්‍යාපාරයට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්

Admin

“අගමැති කරූ” ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රචාරක මෙහෙයුමක

colombotoday

නිරෝධායන නීති කැඩු ආගරපතන සභාපතිගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවයි

colombotoday

අලි ඝාතකයින්ට මනුෂ්‍ය ඝාතන දඬුවමක් දෙන්න

Admin

රවී කරුණානායක ජනපතිට බොරු කියලා… මහින්දට ආරක්ෂකයන් 500ක් නෑ

colombotoday