හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිසක් CSN නාලිකාව සම්බන්ධයෙන් වූ නඩුවක් නිසා මේ වෙනකොට ඉන්නේ රක්ෂිත බන්ධනාගාරයේ.
CSN නාලිකාව යෝෂිතට අයිති එකක් බව ආණ්ඩුවේ අය කීවත් විපක්ෂයේ අය සහ යෝෂිතගේ සමීපය අයනම් කියන්නේ ඒක එහෙම නෙවෙයි කියලා. මේ ගැන යෝෂිතගෙ වැඩිමල් සොයුරා නාමල් රාජපක්ෂ පුවත්පතකට ප්රකාශක් කරලා තිබුණා. නාමල් නම් කියන්නේ යෝෂිත සී එස් එන් එකට ආවෙ ගියේ එයාගේ ගෑණු ළමයා එතන වැඩ කරපු නිසා කියලයි.
ඒ ප්රකාශය පහතින්.
ඇත්තටම සී.එස්.එන්. එක යෝෂිත රාජපක්ෂගෙ නෙවෙයිද? එයාට මේකෙ කිසිම සම්බන්ධයක් ඇත්තෙ නෑ කියලද කියන්නේ?
යෝෂිත කලින් බදින්න ඉඳපු ළමයා ඒකෙ වැඩ කළා. එයාගෙ යාළුවො කීප දෙනෙකුත් ඒකෙ කටයුතු කෙරුවා. අපි ඕන දේකට උදවු කරනවා වගේ අපි ඒකටත් උදවු කෙරුවා. තමන්ගේ හිතවතෙකුට හරි හිතවතියකට හරි උදවු කරන එකත් වරදක්ද? යෝෂිතගෙ ගෑණු ළමයා හිටපු හින්දා තමයි යෝෂිතත් අපිත් ඔතෙන්ට නිතරම යන්න එන්න ගත්තේ.