Colombo Today Local News

හංගේරියානු විදේශ ඇමති දිවයිනට

හංගේරියානු විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රමුඛ දූත පිරිසක් අද (12) උදෑසන නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබුණි.

හංගේරියානු විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස පිළිගනු ලැබුවේ කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය මහතා විසිනි.

ඒ, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ විශේෂ අමුත්තන් පිළිගන්නා පර්යන්තයේදී ය.

එම දූත පිරිසට එරට ව්‍යාපාරිකයින් පිරිසක්ද අයත්ය.

එම දූත පිරිස අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිතය.

අනතුරුව ඔවුන් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරිස් මහතා හමුවීමට නියමිත අතර දෙරට අතර ගිවිසුම් කිහිපයකටද එළඹීමට නියමිතව තිබේ.

Related posts

මාසයක් තුළ බන්ධනාගාර 28කින් දුරකථන 1102ක් සමග හෙරොයින් ග්‍රෑම් 116ක් සොයා ගනී

colombotoday

හරක් කටාගේ ටෙලිෆෝන් බැලුවොත් පොලිසියේ රාජකාරි මට්ටම පෙනෙයි

Admin

ඡන්ද පොලට ජංගම දුරකථන රැගෙන ඒම තහනම් – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

colombotoday

බස්නාහිර විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 1120ක් අත්අඩංගුවේ

colombotoday

මධ්‍යම පළාතේ සෞඛ්‍ය සේවකයින් වර්ජනයක

colombotoday

කටුගස්තර වෙඩි තැබීමේ වැඩිදුර විස්තර

Admin