Colombo Today Local News

අල් හුසේන් යාපනේ.. ද්‍රවිඩ දේශපාලන නියෝජිතයන් සමග සාකච්ඡා

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාල් අල් මහතා හුසෙන් අද (07දා) උතුරේ සංචාරයක නිරත විය.

අල් හුසෙන් මහතා අද උදෑසන පළමුව උතුරු පළාත් ආණ්ඩුකාර ජී.එස්. පලිහක්කාර මහතා හමුවීමෙන් පසුව යාපනයේ පිහිටි එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩපිළිවෙලේ කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.

පසුව උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු පළාත් සභා මැති ඇමතිවරුන් හා සාකච්ඡාවක් පැවත්වීය. යාපනයේ චුන්නාගම්හි පිහිටි අනාත කඳවුරේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ වන අතර අවසානයේ යාපනය නල්ලූර් කෝවිල වැඳපුදා ගැනීමට නියමිතව ඇත.

මේ අතර අල් හුසේන් මහතා උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයට පැමිණෙන අවස්ථාවේදී එම කාර්යාලය ඉදිරිපිට අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් විරෝධතාවයක්ද සංවිධානය කොට තිබුණි

Related posts

මහනුවර යළිත් උණුසුම් – දැනුම්දෙන තුරු යළිත් ඇදිරි නීතිය

colombotoday

සේයා ඝාතකයාට මරණ දඬුවම

colombotoday

ශ්‍රී ලාංකික කාන්තාවට සෞදියේ ගල් ගසා මරද්දී බොදු බලේ නිහඩයි

colombotoday

රාජගිරියේ TRAFFIC

colombotoday

අර්ජුන් ඇලෝසියස්ට අයත් මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය ජනපතිගේ උපදෙස් මත යළි අහෝසියි

colombotoday

ඩයනා අත්අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලූ නඩුව බහා තැබේ

Admin