Colombo Today Local News

දිනේෂ් ශාෆ්ටර්ගේ ඝාතනය : CIDය හිටපු ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස්ගෙන් ප්‍රශ්න කරයි

ජනශක්ති රක්ෂණ සමාගමේ සභාපති දිනේෂ් ශාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් හිටපු ඉංග්‍රීසි ක්‍රිකට් විස්තර විචාරකයෙකු වූ බ්‍රයන් තෝමස්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරමින් සිටින බව වාර්තාවේ.

බ්‍රයන් තෝමස් සහ දිනේෂ් ශාෆ්ටර් අතර රුපියල් කෝටි ගණනක ගනුදෙනුවක් සිදු වී ඇතැයි මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි පොලිසිය පවසයි.

එම මුදල නොගෙවීම සම්බන්ධයෙන් එම ක්‍රිකට් විස්තර විචාරකයා මීට පෙර පොලිස් අත්අඩංගුවට පත්ව තිබිණි.

දිනේෂ් ශාෆ්ටර් බොරැල්ල කනත්ත තුළදී වාහනයේදී ම ඝාතනයට ලක්ව ඇති බව ද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි වාර්තා වේ.

මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් දිනේෂ් ශාෆ්ටර්ගේ බිරිඳගෙන් ද ප්‍රකාශයක් සටහන් කර ගනිමින් සිටින බව වාර්තා වේ.

ඇය ඊයේ(15)දින පොලිසියට පවසා තිබුණේ, ණය මුදලක් ආපසු ලබා දීමට පැමිණෙන ලෙස කළ දැනුම් දීමක් අනුව දිනේෂ් ශාෆ්ටර් නිවසින් පිටත්ව ගිය බවය.

Related posts

ලෝක ආර්ථික සංසදයේ 2021 වාර්තාවේ ශ්‍රී ලංකාව ස්ථාන 14ක් පහතට

colombotoday

ලංකාවට ආ මුස්ලිම් සරණාගතයන් අපේ රටේ අය නෙවෙයි.. මියන්මාරය කියයි

colombotoday

ජනපති රාජ්‍ය නිලධාරීන්ගේ යුරෝපීය ඇඳුම ගලවයි !

colombotoday

ප්‍රදේශ කිහිපයකට තැනින් තැන වැසි

colombotoday

රතුපස්වල වෙඩි තැබීම සම්බන්ධයෙන් ගෝඨා අත්අඩංගුවට ගැනීමට සූදානම් !!

colombotoday

රාජ්‍ය ආදායම කෝටි 1424කින් පහළට !

colombotoday