Covid 19

සතියක් තුළ දරුවන් අතර කොවිඩ් පැතිරීමේ වැඩිවීමක් ?

සංචරණ සීමා ඉවත් කිරීමත් සමග කොවිඩ් ආසාදිත ළමුන් සංඛ්‍යාවේ ඉහළයාමක් පෙන්නුම් කරන බව විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පවසයි.

පසුගිය දින කිහිපයේ දී කොවිඩ් ගැබිනි මව්වරුන්ගේ සංඛ්‍යාවේ ද ඉහළ යාමක් පෙන්නුම් කළ බව ඇය පැවසීය.

“ගර්භනි මව්වරු එන්නත් කරලා දැනට සියයට 95කට වඩා වැඩි ආවරණයක් ලබාගෙන තිබෙනවා. ඒ අනුව අපි දකිනවා ගර්භනි මව්වරු වෛරසය වැළදීලා රෝහල්ගතවීමේ යම් අඩුවක්. ඒක හොඳ තත්ත්වයක්. නමුත් පසුගිය දවස් දෙක තුනක ඉඳලා නැවතත් ආසාදිතයින් වැඩිවීමකුත් අපි දැක්කා. ඒක මට හිතෙනවා අපි රිලැක්ස් කළා වැඩිද? එම නිසා රෝගය නැවත පැතිරීමක් වෙන්න පුළුවන්ද කියන එක. ඒ අතර පාසල් ආරම්භවීමත් සමඟම අපි දක්නවා පාසල් දරුවන් අතරත් වාර්තා වෙච්ච පොඩි වැඩිවීමක් දක්නට ලැබෙනවා පසුගිය සතිය ඇතුළත වගේ. ඒක මම හිතන්නේ ගොඩක්වෙලාවට අපේ දෙමාපියන් සංචරණ සීමා ඉවත්වෙලා තියෙනවා පළාත් අතර සංචරණය වැඩි වෙලා තියෙනවා. ඒකත් එක්ක මේ කුඩා දරුවන් අරගෙන තැන තැන යන එක යම් තරමක් සීමාකරන එක හොඳයි.”

Related posts

පෑලියගොඩ මැනිං හා මාළු වෙළෙඳපොළේ වෙළෙඳුන්ටත් කොවිඩ් එන්නත

colombotoday

ළමා රෝහලේ කොවිඩ් ආසාදිත බිළිඳුන් 150 ක්

colombotoday

ආදිවාසි නායක පවුලේ කිහිප දෙනකුට කොරෝනා

colombotoday

දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා මරණ ගණන ගෙවුණු දිනයේ..

colombotoday

නව කොවිඩ් ආසාදිතයින් 495ක් හදුනා ගැනේ

colombotoday

ජනතාවගේ සහාය නැත් නම් කොරෝනා පාලනය අවදානම්

colombotoday