Colombo Today Local News

සියළුම කෘෂිකාර්මික ප්‍රදේශ වලට හෙට සිට භූමිතෙල්

ලංකාවේ සියළුම කෘෂිකාර්මික ප්‍රදේශ වලට ඉදිරි දින තුන ඇතුළත භුමිතෙල් නිකුත් කිරීම හෙට (29)දිනයේ සිට ආරම්භ කරන බව ජනාධිපති අධ්‍යක්ෂ ජෙනරාල් (ප්‍රජා කටයුතු) කීර්ති තෙන්නකොන් මහතා පවසයි.

ධීවරයන්ගේ භුමිතෙල් ගැටලුව විසඳනු ලැබූ යාන්ත්‍රණයම භාවිතා කර ගොවීන්ගේ ගැටලුද විසඳන බව තෙන්නකෝන් මහතා කියයි.

2022 නොවැම්බර් 1 වනදා සිට 19 වනදා දක්වා දිනකට භුමිතෙල් බවුසර් 29 බැගින් බෙදාහැර තිබූ අතර, නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමෙන් පසුව නොවැම්බර් 23 සිට නොවැම්බර් 27 දක්වා බවුසර් 229ක් ධීවරයින් හා ගොවීන් වෙත නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.

වී, තේ, පොල්, කුරුඳු, අර්තාපල්, එළවළු, පළතුරු, ධාන්‍ය, මල් සහ විසිතුරු පැල, සත්ව ආහාර හා තෘණ වගාකරුවන්ගේ ද අවශ්‍යතාවන් කෙරෙහි ද අවධානය යොමු කරමින් කෘෂි අවශ්‍යතාවන් සඳහා භුමිතෙල්, ඩීසල් සහ පෙට්‍රල් බෙදාහැරීම සඳහා පූර්ණ ක්‍රමවේදයක් පළාත් හා දිස්ත්‍රික්ක මට්ටමින් සකස් කරන ලෙස ද ජනාධිපති ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අදාළ නිලධාරීන් වෙත පසුගිය සතියේ උපදෙස් දී තිබෙි.

Related posts

දුෂණ විරෝධී පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය පාර්ලිමේන්තුවට දැනුම් දෙයි

Admin

අතුරුදන්වූ දරුවකු හොයන්න ඇමති තෙවරප්පෙරුම කට්ටඩියෙක් රැගෙන එයි

colombotoday

පැණි දම්මිකගේ මල්ලී කොරෝනාවෙන් මරුට

colombotoday

පොහොට්ටුව-ශ්‍රීලනිප එක්වී මීගමු නගරසභාවේ බලය පිහිටුවයි.. නගරාධිපති පොහොට්ටුවේ ලන්සා

colombotoday

කිරිබත්ගොඩ රාත්‍රී සමාජ ශාලාවක වෙඩිතැබීමක්

Admin

එජාපයට සහය දෙන්න මට අල්ලස් දුන්නා.. පොහොට්ටුවේ මන්ත්‍රීවරිය පාපොච්චාරණය කරයි (Video)

colombotoday