Colombo Today Local News

දිගන කෝටිපති ව්‍යාපාරිකයා මිය ගිය හැටි හෙළි වෙයි

තෙල්දෙණිය පොලිස් වසමේ දිගන නගරයේදී වෙඩි තබා ගෙන මිය ගිය කෝටිපති ව්‍යාපාරිකයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (17)දින මහනුවර ජාතික රෝහලේදී පවත්වා තිබේ.

මෙම මරණය නිකට යටින් තබන ලද ගිනි අවියකින් නිකුත් වූ උණ්ඩයක් මොළේ පසාරු කරගෙන යාමෙන් ඇති වූ තුවාල නිසා රුධිර වහනය වීම හේතුවෙන් ඇති වූ මරණයක් බව මහනුවර ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ සුබ්‍රමනියම් මහතා නිගමනය කොට ඇත.

දිගන ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ‍දොන් මංගල ගුණවර්ධන නමැති අය ඔහුගේ ව්‍යාපාරික ස්ථානය තුළදී වෙඩි තබා ගැනීමෙන් පසු මහනුවර රෝහලට ඇතුළත් කළේ ය.

එවිට ද ඔහු මියගොස් සිට ඇත.

තිදරු පියෙකු වන ඔහු රුපියල් කෝටි ගණනින් මුදල් පොළියට ලබා දීමට අමතරව ව්‍යාපාර රැසක් පවත්වා ගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.

වෙඩි තබා ගැනීම සිදුවන අවස්ථාවේදී කාර්යාලය තුළ ඔහුගේ සේවිකාවන් දෙදෙනකු හා රියැදුරු සිට ඇති බවට පොලිසියට තොරතුරු අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වේ.

Related posts

නව වැනි පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ

colombotoday

ඩොලරය ඓතිහාසික වාර්තාවක් තබයි… රුපියලට අබසරණයි !

colombotoday

සිර දඩුවම් විදින සැකකරුවකු මගදී මාලයක් කඩා දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයේදී පනී

Admin

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නව නීතියක් ගේන්න කැබිනට් අනුමැතිය

colombotoday

ශ්‍රීපාදස්ථානය පාමුළ ගල්තලාවක මතු වූ දකුණු පා සටහන මෙන්න

colombotoday

විපක්ෂ නායක පාර්ලිමේන්තුවට ඇවිත් කතා කරන්නේ මීඩියාවලට

colombotoday