Colombo Today Local News

පාසල් උපකරණ සෙස් බද්දෙන් නිදහස් කරන්නැයි මන්ත්‍රී වීරසුමන ඉල්ලයි

පාසල් උපකරණ සෙස් බද්දෙන් නිදහස් කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පාසල් උපකරණ සම්බන්ධයෙන් සහනදායී පිළිවෙතක් අනුගමනය නොකළ හොත් අලුත් පාසල් වාරය ජනවාරියේ පටන් ගන්නා විට දරුවන් මෙන්ම මාපියන් ද දැඩි අසීරුතාවයකට පත් විය හැකි බව කී වීරසිංහ මහතා එක පවුලේ දෙතුන් දෙනෙක් පාසල් යන විට ගම්බද මාපියන් පාසල් උපකරණ අවශ්‍යතා ඉටු කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය.

ලංකාවේ කර්මාන්ත දියුණු වෙන එක හොඳ බව කී වීරසුමන වීරසිංහ මහතා එලෙස දියුණු වෙන තුරු යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව බවද සඳහන් කළේය.

Related posts

පාර්ලිමේන්තුව ‍මේ සතියේ දින 04ක් රැස්වෙයි

colombotoday

නි. ඇමති තෙවරප්පෙරුම STF සමග පැටලෙයි… රාජකාරි කරන හැටි උගන්වන්න යයි

colombotoday

මත්පැන් සාදය අවසානයේ සූපවේදියෙක් පඩිපෙළින් වැටී මියගිහින්

colombotoday

තිත්ත වුණත් ඇත්ත දැනගන්න ඕන… පාස්කු ප්‍රහාරය ගැන සජිත්ගෙන් විශේෂ හෙළිදරව්වක්

Admin

ඇඳිරි නීතිය කඩ කළ 64,779ක් අත්අඩංගුවට

colombotoday

“විමල් මොන ළදරුවෙක්ද.. කවුරු එපා කීවත් අලුත් ව්‍යවස්ථාවක් ගේනවාමයි“ – අනුර දිසානායක

colombotoday