Colombo Today Local News

නිවසට ආ කොල්ලමරුවෝ ගෙහිමියා ව ඝාතනය කරලා

යාපනය, මීසාලෙයි දකුණ, අල්ලාරෙයි වීදිය ප්‍රදේශයේ නිවසක භාණ්ඩ සොරා ගැනීමට පැමිණි පිරිසක් අද (12)දින අලුයම පහර දී ගෙහිමියා ව ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.

මියගොස් ඇත්තේ 80 හැවිරිදි පුද්ගලයෙකි.

ඝාතනය සිදුවන අවස්ථාවේ මියගිය අදාළ පුද්ගලයා සහ ඔහුගේ බිරිඳ පමණක් නිවසේ සිට ඇති බව පොලීසිය සඳහන් කරයි.

මියගිය පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් යාපනය රෝහලට යොමු කිරීමට නියමිත බවද පොලීසිය පැවසූහ.

සිද්ධිය සම්බන්ධයෙන් චාවකච්චේරි පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Related posts

සුද්ද සිංහලෙන් කියලත් වැඩවර්ජනය කළ දුම්රිය සේවකයන්ට එරෙහිව බන්දුලගෙන් දැඩි තීරණයක්

Admin

හෙරොයින් කිලෝ 6ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවේ

colombotoday

කොළඹ වරාය සංවර්ධනයට අමෙරිකාවෙන් ඩොලර් මිලියන 553ක ආයෝජනයක්

Admin

කොළඹට එන සියලු දෙනාට මුඛ ආවරණ පළඳින්නැයි ඉල්ලයි

colombotoday

කොවිඩ් නිසා අධිකරණ කටයුතු සිදුකෙරෙන ආකාරය මෙන්න. | වරෙන්තු නිකුත් කිරීමත් නවතී.

colombotoday

මහපාරේ දමා ගිය අයිස් වලට ඇබ්බැහිවූ යුවලගේ අලුත උපන් බිළිදා මිය යයි

Admin