Colombo Today Local News

තිලිණි ප්‍රියමාලි බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය හමුවට ඉදිරිපත් කරයි.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂණ භාරයට පත් කරන ලද සැක අංක 932 තිලිණි ප්‍රියමාලි නැමති සැකකාරිය වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ රක්ෂණ භාරයේ සිටියදී බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකායේ නිළධාරිනියන් විසින් පසුගිය ඔක් (06) වන දින සැකකාරිය සන්තකයේ තිබි ජංගම දුරකථනයක් අත්අඩංගුවට ගන්නා ලදි.

ඒ අනුව, බන්ධනාගාර නීති රීති වලට යටත්ව නීති විරෝධී තහනම් ද්‍රව්‍යයක් වන ජංගම දුරකථනයක් සැකකාරිය සන්තකයේ තබා ගැනීම සම්බන්ධව චෝදනා නගා අද (13) දින ගරු කොළඹ අතිරේක දිසා විනිසුරු තුමා ප්‍රමුඛ බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

කොළඹ අතිරේක දිසා විනිසුරුතුමන් වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණ බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය පවත්වයි.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රීලාගේ ආරක්ෂාව වැඩි කරයි…

colombotoday

අපේ ආණ්ඩුව හැදුව ගමන් බඩු මිල අඩු කරනවා

Admin

වාහන ආනයනය 90%කින්, අලෙවිය 75%කින් පහළට…

colombotoday

බස්නාහිර පළාතේ අපරාධ කල්ලි ගැන හෙළිදරව්වක්

colombotoday

ජනපතිට තනපටයක් තරම්වත් ශ්‍රීපාදය වටින්නෑ වගේ.. ඔබ කාටද හිමි ඉඩම් පුතේ !!

colombotoday

ඇමති මංගලගේ ගෝලයෝ සිරසට සහ මව්බිමට කඩා පනිති. ජවිපෙ සාමාජිකයෝත් ඒ අතර

colombotoday