Colombo Today Local News

දක්ෂිණ අධිවේගී මාර්ගයේ තෙල් බවුසරයක් ගිනිගනී

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහ සහ වැලිපැන්න අතර ප්‍රදේශයේදී ඊයේ (09)දින සවස සහ අද (10) අලුයම කන්ටේනර් රථයක් සහ තෙල් බවුසරයක් ගිනි ගැනීමට ලක්ව තිබුණි.

කොළඹ සිට ගාල්ල දෙසට ධාවනය වූ කන්ටේනර් රථය ඊයේ සවස ගිනිගෙන තිබුණේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සහ කුරුඳුගහ ප්‍රවේශ මාර්ග අතර 62 කිලෝමීටර් කණුව ආසන්නයේදී ය.

පසුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ පොලීසිය මැදිහත්ව ගින්න පාලනයකර තිබේ.

එමෙන්ම තෙල් බවුසරයක් ගිනිගෙන ඇත්තේ අද (10)දින අලුයම් කාලයේදී ය.

ගින්නෙන් තෙල් බවුසරය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර ගින්න නිවීම සඳහා අධිවේගී මාර්ග පොලීසිය දැඩි පරිශ්‍රමයක් දැරු බව වාර්තාවේ.

Related posts

සිරගෙට යනවිට සිවුරු ගලවා දැමිය යුතුයි – තලතා යලිත් පුප්පයි

colombotoday

විමල් වීරවංශට වරෙන්තු නිකුත් කෙරේ

Admin

මෛත්‍රී ජනපති අපේක්ෂක කම දෙපැත්තෙන්ම ඉල්ලයි

colombotoday

ශිෂ්‍යත්ව උපකාරක පන්ති අනිද්දා රැයින් පසු තහනම්

colombotoday

පොලීසියට එරෙහිව මහජනතාවගෙන් පැමිණිලි 1200ක්

Admin

මහින්ද රාජපක්ෂ විපක්ෂනායක ලෙස කතා නායක පිළිගනී.. කිරිඇල්ල විරුද්ධ වෙයි…

colombotoday