Colombo Today Local News

මහනුවර, දිගන තවත් සුළු භූ චලන කිහිපයක්

මහනුවර, දිගන ප්‍රදේශය ආශ්‍රිතව ඊයේ (05)දින පස්වරුවේ තවත් සුළු භූ කම්පන තුනක් සිදුවී තිබේ.

අදාළ චලනයන් වික්ටෝරියා ජලාශයේ භූ කම්පන මාපකවල සටහන්ව ඇති බව වාර්තා විය.

එම කම්පන සිදුවී ඇත්තේ පස්වරු 4.00 සිට රාත්‍රී 7.00 දක්වා කාලය තුළ ය.

සියලු කම්පන රික්ටර් මාපක ඒකක 2ට අඩු අගයක් ගන්නා බව භූ විද්‍යා හා පතල් කැණිම් කාර්යාංශය සඳහන් කරයි.

ඊයේ උදෑසන 05.41කට පමණ දිගන අළුත්වත්ත ප්‍රදේශය ආශ්‍රිතව ද භූ චලනයක් සිදුවී තිබුණි.

එය පල්ලෙකැලේ සහ මහකනදරාව යන භූ කම්පන මධ්‍යස්ථානවල රික්ටර් මාපක ඒකක 02ක ප්‍රබලත්වයක් ලෙස සටහන්ව තිබූ බව භූ විද්‍යා හා පතල් කැණිම් කාර්යාංශයේ ප්‍රකාශකයෙකු පැවසීය.

මහනුවර දිගන ප්‍රදේශය ආශ්‍රිතව පසුගිය මාසයක පමණ කාලය තුළ මෙවැනි සුළු භූ කම්පන 06ක් පමණ සිදුවී තිබේ.

Related posts

විදුලි බිලේ කොටසක් රජය දැරීමට තීරණය කරයි

colombotoday

සාරි අනිවාර්ය කිරීමේ චක්‍රලේඛය අහෝසි කරයි

colombotoday

මුඛ ආවරණය ගැන ඇසු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට තඩිබාල

colombotoday

සජින් වාස්ට මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු

colombotoday

කැබිනට් වෙනසින් රනිල් අමාරුවේ.. එජාපය නැවතත් ඇවිළෙයි !

colombotoday

පොහොට්ටුවේ ජනාධිපති අපෙක්ෂකයා ගෝඨාභය… රාජපක්ෂ පවුල ඒකමතිකව තීරණය කරයි…

colombotoday