Colombo Today Local News

ෆව්සිගේ මන්ත්‍රීධුරය මාසෙකින් අහෝසියි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිවලට හානි වන පරිදි විනය කඩකළ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, පළාත් සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම සඳහා මේ වනවිටත් පක්ෂය විසින් තීන්දු තීරණ ගනිමින් සිටින බව මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල, බලශක්ති අමාත්‍ය එක්සත් ජනතා නිදහස් සංධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා කියා සිටියේය.

මේ දවස්වල පක්ෂයේ විනය ක්‍රියාමාර්ග පැවරීම තම දෛනික ජීවීතයේ අංගයක් බවට පත්ව ඇතියි කී අමාත්‍යවරයා ඒ. එච්. එම්. ෆවුසි මහතාගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමේ ලිපියට තමන් අත්සන් තැබූ බවත්, ඒ මහතාට අවශ්‍යනම්, අධිකරණයට යා හැකි බවද කීය.

අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ ඊයේ (02) පස්වරුවේ සපුගස්කන්ද ඛනිජතෙල් පිරිපහදුවේ අංගනය නිරීක්ෂණ චාරිකාවට එක්වෙමිනි.

එහිදී මාධ්‍යවේදීන් විසින් නෑගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් අමාත්‍යවරයා ඉන්ධන මිල සුත්‍රය අහෝසි කිරීමට දැනට තීරණය කර ඇතත්, එම තීන්දුව ක්‍රියාත්මක කරනුයේ අමාත්‍ය මණ්ඩලයේ නිර්දේශය මත බවද කියා සිටියේය.

කෙසේ වුවද පසුගිය රජය මෙන් ඉන්ධන මිල සුත්‍රයක් අටවාගෙන මාසිකව ඉන්ධන මිල වැඩි කළාසේ කටයුතු කිරීමට වත්මන් රජය පියවර නොගන්නා බවද කීය.

නමුත්, ඉන්ධන යනු අපේ රටේ සම්පතක් නොවන බැවින් පැවති මිල ගණන් දිගටම පවත්වා ගෙන යන්නේ යැයි පැවසීමට නොහැකි නමුත් මහජනතාවට බර පටවමින් කටයුතු කිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය නොවන බවද, සදහන් කළේය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව මේ රටේ ආර්ථිකයට විශාල බලපෑමක් කරන ආයතනයක්. එම සංස්ථාව ආරක්ෂා කරගැනීම රජයේ මෙන්ම එහි කාර්ය මණ්ඩලයේද වගකීමක්. ඛනිජ තෙල් නීනිගත සංස්ථාව ලාභ ලබන ආයතනයක් වශයෙන් තවදුරටත් පවත්වාගෙන යෑමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය. එමෙන්ම ඛනිජ තෙල් පිරිපහදුකරණය සම්බන්ධව ලෝකයේ ඇති නවීන තාක්ෂණික උපකරණ නිපදවා ඇතත්, පසුගිය රජයන්  විසින් සපුගස්කන්ද පිරිපහදුව සඳහා නවීන තාක්ෂණික උපකරණ හදුන්වා දීමට රජය ඉදිරියේදී කටයුතු කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

ඉදිරි වසර කිහිපය තුළ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ නවීකරණ කටයුතු  අනිවාර්යයෙන්ම සිදුකළ යුතු අතර දැනට එහි කාර්යය මණ්ඩල අපහසුතා මධ්‍යයේ  වුවද ගුණාත්මක බවින් ඉහළ නිෂ්පාදන රටට ලබාදීමට කටයුතු කිරීම අගය කළ යුතුය.

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ශ්‍රී ලංකා පොදු ජන සංධානයත් එකට එක්ව කිසිදු ගැටලුවකින් තොරව කටයුතු කරන බවද කී අමාත්‍යවරයා වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අභිප්‍රාය වන්නේ සෑම විටම මහජනතාව උදෙසා කැපවී කටයුතු කිරීම බවද පැවසීය.

Related posts

බාල තෙල් නැව තවමත් ත්‍රීමලේ.. තෙල් තොගය වෙනත් නැවකට පටවා ගොඩබෑමේ සූදානමක් !

colombotoday

මහ බැංකුව රන් සංචිතයෙන් තවත් කොටසක් විකුණයි

colombotoday

දුර්ලභ කාසි අලෙවි කිරීමට උත්සාහ කළ 08ක් පැල්මඩුල්ලේදී අල්ලයි

colombotoday

දක්ෂිණ අධිවේගයේදී රියදුරන් දෙදෙනෙක් වැට පැනල බස් දෙක මාරු කරගෙන

colombotoday

කරාටේ වසන්තට මරු කැන්දූ, මදාවි පුතෙක් ඉන්නා හිටපු මැර ඇමති කවුද?

colombotoday

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය ලබන සතියේ දී

Admin