Colombo Today Local News

හිස්බුල්ලා එලවන්න රතන හිමි දින දෙයි… ජනපති තවත් තනතුරු දී හිස්බුල්ලා දෙගුණයකින් බලගන්වයි….

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඒ. එල්. ඒ. එම්. හිස්බුල්ලා  යන අය එම ධූරයන්ගෙන් ඉවත් කිරීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට පැය 24ක කාලයක් ලබා දෙන බවත් එසේ නොමැතිනම් තමන්ට ගත හැකි ඉහළම තීන්දුව ගන්නා බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ කොළඹදී අද(28) පැවැසූහ.

මෙම පිරිස එම ධුරවලින් ඉවත් කරන ලෙසට ඉල්ලමින් ලංකාව පුරා විසිරී සිටින ශාසනාරක්ෂක  බල මණ්ඩල ලේකම් ස්වාමීන් වහන්සේලාගේ අත්සනින් යුතු ලේඛනය පසුගිය 22වනදා ජනාධිපතිවරයා වෙත භාරදුන් බවද උන්වහන්සේ සඳහන් කළහ.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා යහපත් ප‍්‍රතිචාරයක් නොදැක්වුවහොත් රාජගිරිය සදහම් සෙවන බෞද්ධ මධ්‍යස්ථානයේදී අනිද්දා(30) පස්වරු 2.00ට ආගමික නායකයන්, විද්වතුන්, සිවිල් සමාජ ක‍්‍රියාකාරීන්, රණවිරුවන් සමග සාකචඡා කර ඉදිරි ක‍්‍රියාමාර්ග ප‍්‍රකාශයට පත් කරන බවත් රතන හිමියෝ පැවසූහ.

අතුරලියේ රතන හිමියෝ මේ බව පැවැසුවේ රාජගිරිය සදහම් සෙවන බෞද්ධ මධ්‍යස්ථානයේදී  පැවති මාධ්‍ය හමුවකට  එක්වෙමිනි.

මේ විවෘත සාකච්ඡාවට සහභාගී වන ලෙස තම ශ්‍රාවකයන්ටත්, තරුණ තරුණියන්ටත්, විශ‍්‍රාමික රණවිරුවන්ටත්, ත‍්‍රස්තවාදයට එරෙහි සියලූම පිරිස්වලටත් ආරාධනා කර සිටින බව කී උන්වහන්සේ මේ පිළිබඳ වැඩිදුර තොරතුරු077 833 6556 දුරකතනයෙන් ලබා ගත හැකි බවද පැවසූහ. ‍

කෙසේ වෙතත් රතන හිමියන් මෙම ප්‍රකාශය කර පැය 24ක් යන්නටත් මත්තෙන් ජනාධිපතිවරයා ආණ්ඩුකාර හිස්බුල්ලා වෙත තවත් තනතුරක් ලබී දීමට ඊයේ කටයුතු කළේය. ඒ නැගෙනහිර පළාත් සංවර්ධන කමිටුවේ සම සභාපති තනතුරයි.

Related posts

ධූරය රැකගන්න ඩයනා සජබෙට එරෙහිව අධිකරණයට

colombotoday

25 වෙනි ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදී පදක්කම් දිනූ මලල ක්‍රීඩා කණ්ඩායම දිවයිනට

Admin

දිවුලපිටියේ පාසැලක සිසුන් 1500ක් නිරෝධයනයට.

colombotoday

“ෆැන්ටා, ස්ප්‍රයිට් විෂ සහිතයි“ අධිකරණයෙන් තීන්දුවක්

colombotoday

පොලිසියෙන් හිරිහැර.. අතුරුදන් වූ හේතුව අම්පිටියේ හිමි හෙලිකරයි (Video)

colombotoday

නැවත මී උණ රෝගය හිස එසවීමේ අවදානමක්

colombotoday