Colombo Today Local News

සෞඛ්‍ය ඇමතිත් නොදන්නා ලංකාවේ පිළිකා එන්නතක මිල

රුපියල් ලක්ෂ දෙකකට අධික මිළකට පැවති පිළිකා එන්නත රුපියල් එක්ලක්ෂ හතලිස් දහසක මුදලකට ලබා දීමට තමා කටයුතු කළ බවත්, එය ඉදිරියේදී රුපියල් හැට හතරදහසක මුදලකට ලබා දීමට කටයුතු කරන බවටත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා උදම් ඇනුවත්, රුපියල් හැට හතරදහසකට එම එන්නට මෙරටට ගෙන්වීමට ටෙන්ඩර් ඉදිරිපත් කළ සමාගම ඉවත දමා රුපියල් එක්ලක්ෂ හතලිස් දහසකට එම එන්නත ගෙන්වීමට ලංසු ඉදිරිපත් කළ තම හිතවතාගේ සමාගමට අවසර දී ඇත්තේ ඔහුම බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

ඒ පිළිබදව එම සංවිදානය නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.

සෞඛ්‍ය ඇමතිත් නොදන්නා ලංකාවේ පිළිකා එන්නතක මිල

පසුගියදා ඉංගිරිය  ප්‍රදේශයේ පැවැති උත්සවයකදී සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ  රුපියල් 220,000 කට පැවැති පිළිකා එන්නක මිල තමා විසින් රුපියල් 140,000 ක මුදලක් දක්වා අඩුකල බවත් එම පිළිකා එන්නත ඉදිරියේදී රුපියල් 64,000 ක මුදලක් දක්වා අඩුකරන බවය.

එහෙත් පිළිකා එන්නතක් රජයේ රෝහල් සදහා මිලදී ගැනීම සදහා 2018 මැයි මස 21 ක් වන දින රාජ්‍ය ‌ෙඖෂධ නීතිගත සංස්ථාව විසින් අංක LP/MSD/CPUDHS/RQ/016/18  යටතේ මිළ ගණන් කැදවා තිබූ අතර එහිදී එක් සමාගමක් පිළිකා එන්නත සදහා ලංකාවේ මෙතෙක් ඉදිරිපත් කරන ලද අඩුම මිල වූ රුපියල් 64,700 ක මිල ඉදිරිපත් කර තිබුනි. එම එන්නත ජාතික ‌ෙඖෂධඅධිකාරියේ ලියාපදිංචි කරන ලද එන්නතක් වන අතර එම සමාගම උක්ත පිළිකා එන්නත මේවන විට පුද්ගලික රෝහල් සදහා අලෙවි කරමින් සිටී.

අදාල ටෙන්ඩරය සදහා අඩුම මිල ඉදිරිපත් කල සමාගම නොසලකා හැර එන්නතක් සදහා රුපියල් 135,900 ක මිලක් ඉදිරිපත් කර තිබූ සමාගම වෙත පිරිනෑමීමට තාක්ෂණික කමිටුව විසින් තීරණය කර තිබුණි. අදාල තාක්ෂණික කමිටුව පත්කර තිබුනේ රාජ්‍ය ‌ෙඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වන අතර තාක්ෂණික කමිටුවේ නියෝජිතයින් පස්දෙනෙකුගෙන් තුන් දෙනෙකුම රාජ්‍ය ‌ෙඖෂධ නීතිගත සංස්ථාවේ සේවය කරන නිළධාරීන් වන අතර භාහිර පාර්ශවයකින් කවත් වෛද්‍යවරැන් දෙදෙනෙකු පත් කර ඇත. සාමාන්‍යයෙන් මෙවැනි ටෙන්ඩර්පත් සදහා මුදල් අමාත්‍යාංශයේ හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජිතයින් සහ පිළිකා සංගමයේ නියෝජිතයින් පත් කිරීම සාමාන්‍ය ක්‍රමවේදවේ.

සෞඛ්‍ය ලේකම්වරයා දැනුවත් කරමින් ජාතික පිළිකා ආයතනයේ සභාපතිවරයා විසින් 2018/6/25 දින  යවනු ලබන ලිපියක් මගින් සදහන් කරන්නේ පිළිකා එන්නත් ලබා ගැනීම සදහාවන අංක LP/MSD/CPUDHS/RQ/016/18  දරණ ටෙන්ඩර සදහා වන තාක්ෂණික කමිටුවට සිය ආයතනයේ නියෝජනයක් ලබා දි නොමැති බවත් ඒ අනුව අදාල පිළිකා එන්නත සදහා තමන් කිසිම වගකීමක් නොදරන බවත්ය.මේ අනුව පෙනී යන්නේ රාජ්‍ය ‌ෙඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා තමාගේම තාක්ෂණික කමිටුවක් පත්කරගෙන හොරාගේ අම්මාගෙන් පේන අසා ඇති බවත්ය.

කෙසේවෙතත් අපට පැහැදිලි වන්නේ රුපියල් 64,700 කට අලෙවි වන පිළිකා එන්නතක් පිළිබදව මෙරට සෞඛ්‍ය ඇමතිවරයා දැනුවත් කිරීමට සෞඛ්‍ය බළධාරීන් කටයුතු කර නැති බවයි. එසේ දැනුවත් කර තිබුනේ නම් මෙරට මේවන විටත් රුපියල් 64,700 කට පිළිකා එන්නතක් අලෙවිවන බව ආඩම්බරයෙන් යුක්තය මාධ්‍යයට පැවසීමට සෞඛ්‍ය ඇමතිවරයාට හැකියාව තිබුණි.

සෞඛ්‍ය ඇමතිතුමනි, රුපියල් 64,700 කට අලෙවිවන පිළිකා එන්නත පිළිබදව ඔබව තවදුරටත් දැනුවත් කිරීමට අප සංවිධානය සුදානම් අතර පිළිකා එන්නත්වල මිල පිළිබදව නිවරදි තොරතුරැ ඔබ වෙත ලබා නොදෙන නිළධාරීන් පිළිබදව සොයා බලන ලෙසද ඉල්ලා සිටිමු.

 මෙයට, විශ්වාසි

 

  රංජිත් විතානගේ – සභාපතිපාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Related posts

සුව සේවා විරුවන්ට උපහාර පිණිස නොමිලේ නිවාඩු පැකේජ 1000ක්

colombotoday

ගම්මන්පිල අත්අඩංගුවට ගැනීම බැලූබැල්මට නීති විරෝධීයි – අගවිනිසුරු

colombotoday

මහා පරිමාණ දූෂණයක් ගැන අහන්න පබාත් කැඳවයි

colombotoday

ශ්‍රී මහා බෝ මලුව අඩියක් ගහන්න ඉල්ලු, ඩබ්. ජයසිරි ජනපති අතින් සම්මාන ගැනීමට බෑ කියයි

colombotoday

හෝටල් කාමරයක කතක් ඝාතනය කළ සැකකරු අල්ලන්න පොලීසිය මහජන සහය ඉල්ලයි

Admin

“හිටං හුටංලා මගේ සියලුම සම්පත් උදුරාගත්තා.. යුක්රේනියාවට විත් මා හමුවෙනු“ උදයංග වීරතුංග

colombotoday