Colombo Today Local News

සිරකරුවන් සතුව තිබූ ජංගම දුරකතන 800 ක් අත්අඩංගුවට

බන්ධනාගාර තුළ රැඳවියන් සතුව තිබූ ජංගම දුරකතන 800 කට අධික ප්‍රමාණයක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

බන්ධානාගාර  නිලධාරීන්  විසින්  බන්ධනාගාර තුළ වරින් වර සිදුකළ සෝදිසි මෙහෙයුම් වලදී මෙම දුරකතන අත්අඩංගුවට ගත් බව  බන්ධනාගාර උසස් නිලධාරියකු පැවසීය.

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය ,වැලිකඩ බන්ධනාගාරය සහ කලුතර බන්ධනාගාරය වලින් මෙම ජංගම දුරකතන සොයාගෙන ඇති අතර වැඩිම දුරකතන ප්‍රමාණයක් සොයාගෙන ඇත්තේ මැගසින්  බන්ධනාගාරයෙන් බවද   එම නිලධාරියා කීය.

රැඳවියන් බන්ධනාගාර ගතව සිට ජංගම දුරකතන ආධාරයෙන්    මත්කුඩු ඇතුලු නොයෙක් ජාවාරම් සිදුකරන බවත් එම තත්ත්වය වළක්වා ගැනීම සඳහා බන්ධනාගාර නිලධාරීන් වරින් වර මෙහෙයුම් සිදුකර මෙම දුරකතන අත්අඩංගුවට ගත් බවත් බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ ආකාරයෙන් ජංගම දුරකතන බන්ධනාගාර තුළට රැගෙන යාම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවද බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

පුංචි ඡන්දයේදී බැසිල්ගෙන් විමල්ට කැපිල්ලක් !

colombotoday

ගවයින් 16ක් ඕමන්තේදී දුම්රියක ගැටෙයි

colombotoday

ජනාධිපතිවරයා ඇමති මණ්ඩලය පත්කළ යුත්තේ අගමැතිගේ උපදෙස් මතයි – ජයම්පති

colombotoday

බැදුම්කර කොමිසමෙන් අගමැතිට ප්‍රශ්න පත්‍රයක් !

colombotoday

මාරක ළිඳේ පඩිපෙලකින් ඇද වැටී දරුවෙක් ජීවිතක්ෂයට

Admin

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් වැඩිවීම ගැසට් කෙරේ

colombotoday