Colombo Today Local News

සිංහරාජයේ පාර කපන්නේ ගම්වාසීන්ගේ ඉල්ලීමටයි- රජයෙන් නිවේදනයක්

ගාල්ලේ නෙළුව සිට ලංකාගම දක්වා වන කිලෝමීටර් 18 ක දිගකින් යුත් ග්‍රාමීය මාර්ගය සංවර්ධනය කර දෙන ලෙස ගම්වාසීන් කරන ලද ඉල්ලීම අනුව එම මාර්ගය සංවර්ධනය කරමින් පවතින බව හා මාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි.

අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.ආර්.ඩබ්. ප්‍රේමසිරි මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ එම මාර්ගය ඉදිකිරීමේදී පරිසරයට හානි වන පරිදි කිසිදු කටයුත්තක් සිදු නොකරන ලෙස ජනාධිපතිතුමා විසින් උපදෙස් ලබාදී ඇති බවයි.

ඒ අනුව පරිසර සංවේදී කලාපය තුළ පිහිටි කිලෝමීටර් 1.1 කොටසක කිසිදු ඉදිකිරීමක් සිදුකර නොමැති බව ද ඉදිරියේ දී ද එවැන්නක් සිදු නොකරන බවද ඔහු සඳහන් කරයි.

මාර්ග අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන ලංකාගම මාර්ග ව්‍යාපෘතිය ගැන පැහැදිලි කිරීමක් කරමින් ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටී.

කෙසේ වෙතත් එම මාර්ගය සංවර්ධන කටයුතු ජනාධිපතිවරයාගේ උපදෙස් මත මේ වන විට අත්හිටුවා ඇත.

Related posts

හිඟ විදුලි බිලට වසරක සහනයක්

colombotoday

පන්සල මූලිකව ගම ගොඩනගන සැලැස්ම ගෝඨාගෙන්

colombotoday

මැතිවරණ කොමිසම සියලු පක්ෂ ලේකම්වරුන් කැඳවයි

colombotoday

කටුනායක ගුවන්තොටේ සේවකයෝ විරෝධතාවයක

Admin

විල්පත්තු වන රක්ෂිතයේ නියෝගයට එරෙහිව බදියුදීන් ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

colombotoday

‘Colombo Today’ ත් අරන් රාජිත,චම්පික,අර්ජුණ පොලීසි යයි !

colombotoday