Colombo Today Local News

ශ්‍රී පාද රජයේ ඉඩමක කඩ කුළිය ලක්ෂ 10යි… කඩ හිමියන් වන්දනාකරුවන්ව ගසා කයි !

ශ්‍රී පාද වන්දනාවෙ යන වන්දනාකරුවන් එහි කඩහිමියන් විසින් අසාධාරණ ලෙස අයකිරීම් සිදු කරන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික වයාපාරය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ වන්දනා සමයේදී වෙළදසැල් පවත්වාගෙන යෑම සදහා බදු පදනම මත රජයට අයත් ඉඩම් ලබා දීමේදී අධික මුදලක් අයකිරීමද මෙයට හේතූ වී ඇති බවයි.

එම නිවේදනය පහතින්.

ශ්‍රී පාදයේ රජයට අයත් ඉඩමක කුළිය ලක්ෂ දහයයි. කඩ හිමියන් පාරිභෝගිකයින් ගසා කයි!

බුදුන් තුන්වරක් වැඩම කල මෙම ධර්ම දීපය තුළ බුදුරජුන්‌ෙග් ශ්‍රී පාදය පිහිටුවා ඇතැයි සැළකෙන ශ්‍රී පාදය වන්දනා කිරීමට අප රටේ බෟද්ධයින් මෙන්ම අන්‍ය ආගමිකයින්ද කටයුතු කරන ආකාරය අපට දැක ගත හැක.

දෙසැම්බර් මස පොහොය දිනෙන් ඇර‌ෙඔන ශ්‍රී පාදය සමය අවසන් වන්නේ වෙසක් පොහොය දිනෙන්ය. දිනකට ලක්ෂ ගණනක් ශ්‍රී පාදය වන්දනා කරන අතර මෙවර ශ්‍රී පාද භුමියට පොලිතින් ගෙන ඒම දැඩිව තහනම් කරන ලදී. මත්පැන් හා පොලිතින් තහනම් කලද  ශ්‍රී පාදය වන්දනා කිරීමට පැමිණෙන බැතුමතුන් ගසා කෑමේ ව්‍යාපාරයක් නල්ලතන්නියේ සිටම ක්‍රියාත්මක. ඒ අනුව ශ්‍රී පාදය වන්දනා කිරීමට පැමිණෙන පුද්ගලයින්ට නවැතැන් ගැනීමට ඇති ස්ථානවල මිල ඉතා අධිකය. එපමණක් නොව ආහාරපාද වල මිළ ගණන්ද සැළකිය යුතු ලෙස ඉහළ දමමින් පාරිභෝගිකයා ගසා ගෙන කෑම දිනපතාම සිදුවේ.

බැතිමතුන්ට ශ්‍රී පාදය වන්දනා කිරීම සදහා පහසුකම් සැපයීම රජයේ යුතුකමක් වුවද ප්‍රාදේශීය සභාවට අයත් වාහන රථගාල හා වැසිකිළි ටෙන්ඩර් කර ලබා දී ඇත්තේ ලක්ෂ විසි ගණනකටය.

තවද ඉදිකටු පහන ආසන්නයේ වන ජීවී දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් වෙළදසැල් ඉදිකිරීම සදහා ටෙන්ඩර්කොට ලබා දී ඇත්තේ රුපියල් ලක්ෂ දහයකට(මාස 5 ක් සදහා) වන අතර එහි වැසිකිළි ටෙන්ඩර් කර ඇත්තේ රැපියල් ලක්ෂ හතකට ආසන්න මුදලකටය. මෙම මිළ ගණන්වලට ටෙන්ඩර් ලබා ගන්නා ව්‍යාපාරිකයින් එම මුදල සොයා ගැනීම සදහා පාරිභෝගිකයින් ගසා කමින් සිටී.

ආණ්ඩුක්‍රම ව්‍යාස්ථාවෙන් පවා පුමුඛත්වය ලබා දිය යුතු බුද්ධාගම රැක ගැනීම සදහා කටයුතු කල යුතු රජය ශ්‍රී පාදයේ ඇති වනජීවී දෙපාර්තමේන්තුවට අයත් ඉඩම්වලින් රජයට විශාල ආදායමක් ලබා ගැනීම සදහා කටයුතු කිරීම ලැජ්ජාසහගතය.

බෞද්ධ බලවේගය විසින් නව ජනපතිවරයෙක් පත් කල බවට කයිවාරු ගහන මාධ්‍ය සංදර්ශණ පවත්වන ස්වාමින් වහන්සේලාට බැතිමතුන් ගසා කන ව්‍යාපාරිකයින් ගැන‌ කතා කිරීමට හා බැතිමතුන්ට ශ්‍රී පාදය වන්දනා කිරීම සදහා පහසුකම් ලබා දීම අමතක වී ඇත.

අප සංවිධානය රජයෙන් ඉල්ලා සිටින්නේ ශ්‍රී පාදය වන්දනාකරන වන්දනාකරුවන් ගසා කන ව්‍යාපාරික ස්ථාන පිළිබදව සොයා බලන ලෙසත් බැතිමතුන්ට නිදහසේ ශ්‍රී පාදය වන්දනා කිරීමට අවස්ථාව සලසාදෙන ලෙසත්ය.

රංජිත් විතානගේ – සභාපති, පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය.

Related posts

TNA මංත්‍රී රවි හරන් ඇතුළු පිරිසක් ගුරුකන්ද විහාරයට කඩා පනිති

colombotoday

අම්පාරේ ඉදිකරන ගම්උදාවේ පෝස්ටර් කොළඔ ගහන රජය, සිමෙන්ති කොට්යටක මිල වැඩි කළේ ඇයි?

colombotoday

මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් සමඟ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට සාපරාධී බලහත්කාරය පෑ 4ක් අත්අඩංගුවට

Admin

මහාමැතිවරණය පැවැත්විය හැකියි

colombotoday

විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේට කොවිඩ්

colombotoday

යළිත් විදුලි කප්පාදුවක් ගැන වෘත්තීය සමිතිවලින් අනතුරු අඟවයි

colombotoday