Colombo Today Local News

විල්පත්තුවේ වන සංහාරය නැවත අරඹයි – පොලිසියේ, වනසංරක්ෂණයේ අතපය බැඳලාද?

විල්පත්තුවේ ජාතික වනෝද්‍යානයට යාව පිහිටි ඝන කැලෑ බිම්කඩ යළිත් එළි පෙහෙළිකොට නිවාස 25 ක් පමණ සෑදීමට මූලික අත්තිවාරම් කැපීම වැනි කටයුතු සිදු කරමින් පවතින බව එහි ගිය අපට දකින්නට ලැබිණ.

වැව්බැඳි රටේ වැව් පිරී යන්නට වැසි ජලය ලබාදුන් විල්පත්තුව මහ වනය මෙසේ කපා දැමීමෙන් සිදුවන පරිසර විනාශයත්, අනුරාධපුරයට වැහි නැති හේතුව සොයා බලන්නට කිසිවෙකුත් නැත. අපේ‍්‍රල් මැයි මාසවල රජරටට වැහිඑල ලැබෙන කාලය වුවත් මෙවර වැහි කඳුළක්වත් වැටී නැත. ගතානුගතිකව වෙසක් පෝයෙන් පසු අටමස්ථාන මලූව සේදී යන්නට මහවැස්සක් ලැබුණ නමුත් මෙදා ඒ පුරුදු වැස්සත් නැත. මීට හේතුව වී ඇත්තේ විල්පත්තුව මහ වනය කපා එළිකිරීමත්, ඒ ආශ‍්‍රිතව පැවැති ස්වාභාවික ජල උල්පත් සහිත විල් 24 න් 22 ක්ම සිඳීයෑමත් නිසා එතෙක් අනුරාධපුර පැත්තට ගලාගිය ජල වාෂ්ප හිඟ වීමයි. මුළු රටටම බත සැපයූ රජරට කෙත් වතු පාළුවී යන්නට පටන් ගෙන ඇත. යාව වැව් සිඳී යන්නට පටන්ගෙන ඇත. මේ ජාතික අපරාධය කියන්නේ කාටද? කෙරුමෝ ඇහැ කණ කට පියාගෙන ගොලූවී සිටිති. රජරටට හෙණ ගැහී ගියත් සුළු ජන්ද ටික තමන්ගේ ගොඩට හලාගැනීම සඳහා බලවත්තු වැඩකටයුතු කරන බව ප‍්‍රදේශවාසීන් කියති.

විජය ගොඩ බැස්සේ මේ හරියටයි. කුවේණිය රැජිනියක ලෙස කටයුතු කළේද මේ හරියේයි. නමුත් ඔවුන් විල්පත්තු කැලයට අත තැබුයේ නැත. දැන් විල්පත්තු කැලයද විනාශය. විල්පත්තු කැලය විනාශ කිරීමේ පතාක යෝධයන් හැටියට වර්තමාන පාලකයන් ඉතිහාස ගතවනු ඇතැයි මහ විලච්චියේ විමල හිමියෝ මේ ගැන අදහස් දක්වමින් පැවසූහ.

Related posts

දේශබන්ධුගේ මාරුව ක්‍රියාත්මක නොකළාට ලේකම්ට නොතීසි!

colombotoday

අගමැති පාර්ලිමේන්තුවට ඉදිරිපත්කල ‘නව ව්‍යවස්ථා මණ්ඩල ස්ථාපන යෝජනාව’ මෙන්න

colombotoday

බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට යන්න හැදූ 54ක් අත්අඩංගුවට

colombotoday

පොලිස්පතිට “සර්“ ගෙන් ආ ඇමතුම ගැන අගමැති පාර්ලිමේන්තුවේදී හෙළි කරයි

colombotoday

අමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් මෙරට සංචාරයක

Admin

ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

colombotoday