Colombo Today Local News

බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට යන්න හැදූ 54ක් අත්අඩංගුවට

නීති විරෝධීව ඕස්ට්‍රේලියාව බලා යාමට සුදානමින් සිටි 54 දෙනෙකු කල්මුණේ හිදී නාවික හමුදා භාරයට ගෙන තිබේ.

බහුදින ධීවර යාත්‍රාවක්ද අද අලුයම මෙලෙස නාවික හමුදා භාරයට ගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා පවසයි.

මෙම පිරිස ශ්‍රී ලංකාවේ කුමන ප්‍රදේශවල පදිංචිකරුවන්ද සහ ඔවුන්ගේ අනන්‍යතාවය මේ දක්වා තහවුරු කරගෙන නොමැති බව නාවික හමුදාව පවසයි.

මෙරට සිට නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයින් 399 දෙනෙකු පසුගිය ජනවාරි මස පළමුවනදා සිට මේ දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය ඊයේ නිවේදනය කළේය.

ඉන් 91 දෙනෙකු ශ්‍රී ලංකාවට පිටුවහල් කර ඇති අතර ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ද ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේය.

නීති විරෝධී සංක්‍රමණය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරදකරුවෙකු වුවහොත් රුපියල් ලක්ෂ දෙකකට ආසන්න දඩ මුදලක් සහ වසර 05 කට ආසන්න සිරදඩුවමකට ලක්වීමට සිදුවන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

රාජකාරී අංකයක් නැති කැලෑ පොලිසියක් පර්ලිමෙන්තුවට?

colombotoday

එට්කා ගිවිසුමේ ප්‍රධාන උපදේශකවරයා, ආචාර්ය සමන් කැලේගම මියයයි !

colombotoday

ගුණානුස්මරණ පිංකමේදී මල් වට්ටියක් 84000 කට වෙන්දේසි වෙයි

Admin

රුපියල ඉතිහාසගත බාල්දුවක… ඩොලරය රු 164ත් පනී…

colombotoday

ඇස්ට්‍රාසෙනෙකා ගත් කොළඹ වැඩිහිටියන්ට Pfizer එන්නත

colombotoday

බැඳුම්කර මගඩියෙන් මැතිසබය රත්වෙයි

colombotoday