Colombo Today Local News

වියදම කෝටි 1400යි, ශරියා දේශකයන් මක්කමෙන්, ඊජිප්තුවෙන් – ආසියාවම අස්ථාවර කළ හැකි, අන්තවාදී උපාධි කඩය ගැන ඇග සලිත වන හෙළිදරව්වක්…

මඩකලපුව පුනානි ප්‍රදේශයේ ඉදිකිරීම් නිමා කරමින් ඇති “මඩකලපු විශ්ව විද්‍යාලය” නමින් හඳුන්වන ආයතනය පිලිබඳ ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය කොළඹ දී පැවති මාධ්‍ය සාකච්ජාවකදී සවිස්තර කරුණු දැක්වීමක් සිදු කළේය.

මෙහිදී අදහස් දැක් වූ ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ මහ ලේකම් මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ ආරම්භයේ දී “මලික් අබ්දුල්ලා යුනිවර්සිටි කොලීජිය” නමින් ඇරඹු ආයතනයේ නම මේ වනවිට සිව් වරක් වෙනස් කර ඇති බවයි.

පීඨ 6 කින් යුතු විශ්ව විද්‍යාලයක් ලෙස පෙන්වුව ද විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ඉදිරිපත් කර ඇති ලේඛනවල වෛද්‍ය පීඨයකට අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය බඳවා ගැනීමට අදාල විස්තර ද දක්වා ඇති බව මහාචාර්ය ජයසුමන පැවසීය.

“ආගමික, සංස්කෘතික සහ භාෂා පීඨය” යනුවෙන් දක්වා ඇති පීඨයේ දෙපාර්තමේන්තු ඇත්තේ එකක් පමණක් බවත් ඒ “ෂරියා අධ්‍යයන දෙපාර්තමේන්තුව” බවත් මෙහිදී කරුණු ඉදිරිපත් විය.

ෂරියා දෙපාර්තමේන්තුවේ ඉගැන්වීම සඳහා සවුදි අරාබියේ මක්කමේ පිහිටි උමා අල් කුරා සහ තවත් විශ්වවිද්‍යාල දෙකකින් ආචාර්යවරු බඳවාගෙන ඇති බව ද මෙහිදී හෙළි විය.

2019 වර්ෂය සඳහා සිසුන් 3670 ක්ද 2020 වර්ෂය සඳහා සිසුන් 5380 මේ ආයතනයට බඳවා ගැනීමට සුදානම් වන බවත් ඉන්දියාව, බංගලාදේශය ආදී රටවලින්ද සිසුන් බඳවා ගැනීමට පිඹුරුපත් සකසා ඇති බවත් මහාචාර්ය ජයසුමන මහතා පැවසීය.

නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා මහතා රුපියල් කෝටි 1400 වැය කර තනා ඇති මේ ආයතනයේ සභාපති බවත් ඔහුගේ පුතා කළමනාකාර අධ්‍යක්ෂක බවත් මෙහිදී හෙළි විය.

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් මුළු රටම නොමග යවමින් මේ ඉදි කරන්නේ ශ්‍රී ලංකාව පමණක් නොව දකුණු සහ අග්නිදිග ආසියානු කලාපයම අස්ථාවර කිරීමට අවශ්‍ය ඉස්ලාම් අන්තවාදීන් බිහිකරන මධ්‍යස්ථානයක් බව වැඩි දුරටත් පැවසූ මහාචාර්ය ජයසුමන වහාම මේ ආයතනය වසා දමා දැනට ගොඩ නගා ඇති ගොඩනැගිලි සහ සම්පත් රජයට පවරා ගෙන ඵලදායි ලෙස භාවිතා කලයුතු බවත් දැක්වීය.

මෙකී හොර උපාධි කඩයට අනුග්‍රහය දක්වනවායයි පැවසු සවුදි අරාබි ආයතනය හැර තවත් ආයතන කිහිපයක් හිස්බුල්ලා මහතාට රුපියල් කෝටි ගණනක් ලබා දී ඇති බවත් ඒ මුදල්වලට සිදු වුයේ කුමක්ද යන්නත් මෙහිදී ප්‍රශ්න කෙරුණි.

– රවීන්ද්‍ර දසනායක

Related posts

මුල්ගල් තියපු තෙල් පිරිපහදු ව්‍යාපෘතියේ ගිවිසුම් අත්සන් කරලත් නෑ !

colombotoday

අධික බදු බරට එරෙහිව අද සිට අඛණ්ඩ විරෝධතා මාසයක්

Admin

කොවිඩ් වෛරසය අසාදනය වුනොත් මේ ටික කරන්න. – රජයෙන් නව ක්‍රමවේදයක්

colombotoday

මඩකලපුව මංගලාරාමාධිපති හිමියන්ට එරෙහිව දෙමළ සංවිධාන වීදි බසී ! (Photo)

colombotoday

ආනයනික ඖෂධ වරායෙන් නිදහස් කර ගන්න නව කමිටුවක්

Admin

මේ වසරේ ගතවූ කාලය තුළ ලාංකිකයින් 140,000 ක් විදෙස් රැකියා වෙත..

colombotoday