Colombo Today Local News

කොවිඩ් වෛරසය අසාදනය වුනොත් මේ ටික කරන්න. – රජයෙන් නව ක්‍රමවේදයක්

බස්නාහිර පළාත ඇතුළත කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ රෝග තත්ත්වයන් අනුව ප්‍රතිකාර මධ්‍යස්ථාන හෝ නිවෙස් නිරෝධායනය සඳහා යොමු කිරීම කළමනාකරණයට SMS සහ දුරකථන ඇමතුම් හරහා නව ක්‍රමවේදයක් අද (19)දින සිට හදුන්වාදෙමින් කොවිඩ්- 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙ⁣හිදී කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගත් පුද්ගලයින්ගේ පහත තොරතුරු 1904 යන දුරකථන අංකයට SMS පණිවුඩයක් යොමු කළ යුතුය.

මෙම SMS පණිවුඩය යොමු කිරීමේදී රෝගීන්ගේ තත්ත්ව වර්ගීකරණ තුනක් දක්වා තිබේ.

  1. ස්වසන අපහසුතා ඇති රෝගීන් – A
  2. උණ තත්ත්වයෙන් පෙලෙන රෝගීන් – B
  3. කිසිඳු රෝග ලක්ෂණයක් නොමැති රෝගීන් – C

SMS පණිවුඩය යොමු කළ යුතු ආකාරය:

  • රෝගීන්ගේ තත්ත්ව වර්ගීකරණය (A,B,C) {Space} වයස {Space} ජා.හැ.අ. {Space} ලිපිනය

(උදා. A 71 507990532V නො.65, ගාලු පාර, අලුත්ගම)

මෙසේ ලැ⁣බෙන තොරතුරු අදාළ වෛද්‍ය කණ්ඩායම් වෙත යොමු කර, දුරකථන අංක 247 මගින් සම්බන්ධ වී රෝග තත්ත්වය නිශ්චය කර ගැනීමටත්, ඒ අනුව ගිලන් රථ මඟින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට හෝ නිවෙස් නිරෝධායනයට යොමු කර 1390 දුරකථන අංකය ඔස්සේ වෛද්‍ය සේවා ලබා දීමටත් කටයුතු කෙරේ.

Related posts

සත පහක්වත් ආයෝජනය නොකර බිලියනයක වාර්ෂික ශුද්ධ ආදායමක්.. කරුංකා ජාවාරමෙන් බදියුදීන් ගරන හැටි මෙන්න

colombotoday

අධික වේගයෙන් ආ ත්‍රිරෝද රථයේ පාසල් දැරියක් පදික මාරුවෙදී ගැටෙයි

colombotoday

බැඳුම්කර ජනපති කොමිසමේ සාක්කි විමසීම අත්හිටුවයි !

colombotoday

මත්පැන් සාදයකදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කරයි

Admin

සිරිකොත colomboToday ගැන CIDයෙන් අහන්න යයි !

colombotoday

කිරිපිටි කිලෝව රු. 300 කින් ඉහළ යන ලකුණු

colombotoday