Colombo Today Local News

වසර 48000කට පෙර අපේ උරුමය-දුනු – ඊතල භාවිත කළ ලොව පැරණිතම මානවයන් ගැන මෙරටින් සාක්ෂි හමුවේ

වසර 48000කට පෙර ශ්‍රී ලංකාවේ ආදි මානවයා සත්ත්ව අස්ථි කොටස් භාවිත කරමින් දඩයම් කිරීමේ උපාංග නිෂ්පාදනය කර ඇති බව පුරාවිද්‍යා ගවේෂණයකින් අනාවරණය වී තිබේ.

අප්‍රිකාවෙන් පිටත ආදී මානවයා දුනු-ඊතල තාක්ෂණය භාවිත කළ බවට වන පැරණිතම සාක්ෂිය මෙය බව ජාත්‍යන්තර මාධ්‍ය අද වාර්තා කළේය.

සී.එන්.එන් ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය රැසක් අද වාර්තා කර තිබුණේ අනොයෙල් අමානෝ, ඔෂාන් වෙදගේ, ශිරාන් දැරණියගල, එම්.එම්.පත්මලාල්, නිමල් පෙරේරා, නිකොල් බොයිවින්, මයිකල් ඩි.පෙට්‍රග්ලියා සහ පැට්රික් රොබට්ස් යන ජාත්‍යන්තර සහ මෙරට පර්යේෂකයින් කණ්ඩායමක් විසින් පසුගිය වසරේ පාහියංගල ලෙන ආශ්‍රිතව පර්යේෂණයක් ආරම්භ කර තිබූ බවයි.

ලෙනෙහි තිබී සොයාගත් අස්ථි කොටස් ඇතුළු ද්‍රව්‍ය විශ්ලේෂණයේදී ආදි මානවයා සත්ත්ව ඇටකටුවලින් මෙවලම් සකස් කර වඳුරන් සහ ලේනුන් වැනි ඉතා වේගයෙන් ගමන් කරන සතුන් දඩයම් කිරීමට කටයුතු කර ඇති බව අනාවරණ වී ඇතැයි එම වාර්තාවල දැක්වෙයි.

අප්‍රිකාවෙන් පිටත ආදී මානවයා දුන්න සහ ඊතල තාක්ෂණය භාවිත කළ බවට වන පැරණිතම සාක්ෂිය මෙය බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව මීට වසර 48000කට පමණ පෙර ශ්‍රී ලංකාවේ මුල් වැසියන් සත්ත්ව අස්ථි උපයෝගි කරගනිමින් මෙවලම් සකස් කර දඩයම් සිදුකර ඇති බව අදාළ පර්යේෂකයින් කණ්ඩායම සොයා ගෙන තිබේ.

දකුණු ආසියාවේ හෝමෝ සේපියන්වරුන්ගේ පැරණිතම පොසිල හමු වූ ස්ථානය ද ලෙස සැලකෙන පාහියංගල ලෙන් ගුහාවෙන් පසුගිය වසරේ දී වඳුරන්ගෙන් සහ ලේනුන්ගේ ද අස්ථි කොටස් හමුවුණි.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති අයුරින් මෙම සොයා ගැනීම සැලකෙන්නේ මීට වසර 20 000කට පෙර යුරෝපයේ දුනු හා ඊතල තාක්ෂණය පිළිබද සාක්ෂි අභිබවා යාමක් ලෙසයි.

Related posts

විස දුමාරයක් අග්‍රාණය වී 10දෙනෙක් රෝහලේ…

Admin

මධූෂ්ගේ අවසන් ඔත්තුව

colombotoday

සාටකයක් නැතිව මැතිවරණ දිනනු බෑ.. සාටකයක් යටතේ මැතිවරණයට යන්න ශ්‍රීලනිපයේ 98%ක් කැමතියි

colombotoday

පෞද්ගලික අංශ සේවක විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය

colombotoday

පොල්ගෙඩි 1070 ක් සොරකම් කළ 13 හැවිරිදි සිසුවෙක් පොලිස් අත්අඩංගුවට

colombotoday

ආණ්ඩුකාරවරයාගේ නියෝගයෙන් මධ්‍යම පලාතේ පාසල් 14 සදුදා වැසේ

colombotoday