Colombo Today Local News

වරායේ වැඩ වර්ජනයට වුයේ කුමක්ද?

චීනයෙන් ආනයනය කළ ගැන්ට්‍රි දොඹකර නැගෙනහිර පර්යන්තයට ගොඩබාන ලෙසට බලකරමින් වරායේ සියලු වෘත්තීය සමිති ආරම්භ කළ වැඩවර්ජනය අද (02)දින පස්වරුවේ තාවකාලිකව අවසන් කළේය.

ඒ වෘත්තීය සමිති නියෝජිතයින්ට අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡාවක් ලබාදීමත් සමගය.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු කොළඹ වරායේ ජය බහාලු පර්යන්තයට හෝ පෞද්ගලික හිමිකාරිත්වයක් සහිත SAGT පර්යන්තය වෙත මීටර 15 කට වඩා ගැඹුරකින් යුතු විශාල නෞකා රැගෙන ඒමට හැකියාවක් නොමැත.

ඒ නිසා චින රජය හිමිකාරිත්වය දරණ CICT ජැටිය වෙත විශාල නෞකා හරවා යැවීමට සිදුව තිබේ.

මීට පිළියමක් ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු ජය බහාලුම් පරියන්තය තවත් මීටර 400 කින් දීර්ඝ කිරීමට වරාය අධිකාරිය තීරණය කර තිබුණද පර්යේෂණ වාර්තා මගින් එහි ඉදිරිකිරීම් නොකරන ලෙස දන්වා තිබුණේ ගැඹුර මීටර 15 දක්වා යෑමට නොහැකි ලෙසයි.

කෙසේවෙතත්, ජය බහලු පර්යන්තයේ අලුතින් මීටර 400ක කොටසේ ඉදිකිරීම් නවතා තිබුණද එහි මෙහෙයුම් කටයුතු සඳහා චීනයෙන් ඩොලර් මිලියන 25.7 ක් වැයකර චීනයේ ZPMC සමාගමෙන් ගැන්ට්‍රි දොඹකර 3ක් ආනයනය කිරීමට වරාය අධිකාරිය පියවර ගෙන තිබුණි.

එම දොඹකර රැගත් නෞකාව මේ වන විට ශ්‍රි ලංකා වරාය අධිකාරිය විසින් නැගෙනහිර පර්යන්තය වෙත සේන්දු වී ඇතිමුත් ඒවා ගොඩබෑමට කටයුතු නොකිරීම නිසා වරායේ සේවකයින්ගෙන් විශාල විරෝධයක් එල්ල විය.

නැගෙනහිර ජැටිය තුළ මෙම දොඹකර සවිකළොත් ගැඹුර මීටර 18කින් සමන්විත වීම නිසා ලොව විශාලතම ඔනෑම නෞකාවක මෙහෙයුම් කටයුතු සිදු කිරීමට නැගෙනහිර පර්යන්තයටද හැකියාව පවතියි.

ප්‍රශ්නගත නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු සඳහා යහපාලන රජයේ වරාය විෂය භාර අමාත්‍යවරා ලෙස කටයුතු කළ සාගල රත්නායක මහතා ඉන්දියාව හා ජපානය සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුවේය.

රටවල් තුනක් ඒකාබද්ධව නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු යෝජනා වී තිබියදී මෙම දොඹකර නැගෙනහිර පර්යන්තයේ සවිකර ශ්‍රි ලංකා වරාය අධිකාරිය මගින් එහි මෙහෙයුම් කටයුතු ආරම්භ කළයුතු බවට බලකරමින් වරාය සේවකයින් තිදෙනෙකු ඊයේ දොඹකර මත නැග උපවාසයක් ආරම්භ කළේය.

විෂයභාර අමාත්‍යවරයා සහ වෘත්තීය සංගම් නියෝජිතයන් අතර පැවති සාකච්ඡා දිගින් දිගටම අසාර්ථක වූ පසුබිමක අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වීමට වරාය සේවකයින් පියවර ගත්තේය.

කෙසේවෙතත් අද පස්වරුවේ වරාය සේවකයන් හා විෂයභාර අමාත්‍යවරයා අතර යළිත් සාකච්ඡාවක් පැවැත්වුණි.

එහිදී විශයභාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් වෘත්තීය සමිති නියෝජිතයින්ට අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡාවක් ලබා දීමට පොරොන්දු වීමත් සමගය.

වරාය සේවකයින් ආරම්භ කළ වැඩවර්ජනය තාවකාලිකව අවසන් වුව ද දොඹකර මත නැගී උපවාස කළ සේවකයින් තිදෙනා තවදුරටත් එහි උපවාසයේ නිරත වන බව වාර්තා වේ.

Related posts

ශ්‍රීලනිපයෙන් කොළඹට අසාද් සාලි !

colombotoday

ලසන්ත ඝාතනයට චෝදනා එල්ලවූ හමුදා බුද්ධි අංශයේ “උදලාගම” ඇප මත නිදහස්

colombotoday

රජයේ ඉදිරි තීන්දු ගැනීම සඳහා දේශපාලන මණ්ඩලයක් පිහිටුවයි

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය ආදායම ඉහළට

Admin

යාපනයේ නාවික සෙබලුන් 51කට කොරෝනා

colombotoday

කිරිපිටි නමිත් මෙතෙක් කල් බී ඇත්තේ වස…

colombotoday