Colombo Today Local News

ලංකාව කියන්නේ සිංහල බෞද්ධ රටක් නෙවෙයි – මංගල සමරවීර කියයි

ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයත් සමග රජය එතරම් සක්‍රීය ලෙස කටයුතු නොකළ බවට ඇතැම් පාර්ශව චෝදනා කරන ලදී.ඒ අතරිනුත් එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් ඇමතිවරුන්ගේ ක්‍රියා කලාපයන් ගැන රටේ ජනතාව තුළ විශාල අප්‍රසාදයක් නිර්මාණය වූ බව අමුතුවෙන් කිව යුතු නැත.ඒ අතර ප්‍රමුක ස්ථානයක සිටි මුදල් අමාත්‍ය මංගල සමරවීර නැවතත් විශේෂ ප්‍රකාශයක් කර තිබේ.

ඒ අනුව ශ‍්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොව ශ‍්‍රී ලාංකිකයින්ගේ රටක් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසා ඇත.අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මාතරදී එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන ආයතන නියෝජිතයින් සමග පැවැති හමුවක් අමතමින්.

එහිදී “මටත් පුළුවන් ඕන නම් සමහර අය වගේ කාඩ්බෝඩ් වීරයෙක් වෙන්න නම් කියන්න …මේ ලංකාව කියන්නේ සිංහල බෞද්ධයන්ගේ රටක්.. ඒක නිසා තමුසෙලාට ඕන විදිහට ජීවත් වෙන්න බෑ කියලා. නෑ මම කියනවා ලංකාව කියන්නේ සිංහල බෞද්ධයන්ගේ රටක් නෙමෙයි..ශ්‍රී ලාංකිකයන්ගේ රටක්. ඒ ශ්‍රී ලාංකිකයන්ගේ රටේ බහුතරය සිංහල බෞද්ධ. අපි බහුතරය වුණ පළියට අපේ මතය කාගෙවක් පිට උඩ පටවන්න බෑ. ” යනුවෙන්ද සඳහන් කළා.

පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයත් සමග සංචාරක කර්මාන්තයට එල්ල වූ බලපෑම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ වුණා.

එහිදී “හැබැයි හොඳ වෙලාවට මේ සිද්ධිය සිදු වුණේ සංචාරකයින් වැඩිපුර නොඑන කාලේ. දැන් ඉඳලා ඉදිරි මාස හය හත වෙනකම් යළි වතාවක් ලංකාවට සංචාරකයන් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නට අපිට කල් ලැබිලා තියෙනවා.” යනුවෙන් සඳහන් කළා.

Related posts

කැලණි සරසවියේ සිසුවියකටත් කොරෝනා

colombotoday

මුදල් අමාත්‍යාංශය අගමැති මහින්ද යටතට…

colombotoday

ප්‍රවීණ ගායන ශිල්පී ටෝනි හසන් අභාවප්‍රාප්ත වෙයි

Admin

රනිගේ ව්‍යවස්ථා යෝජනා පිළිගනු.. බැරිනම් පුනරුත්ථාපනය වෙනු – දඹර හිමියෝ අස්ගිරි-මල්වතු නාහිමිවරුන්ට ගෑස් පෙන්නයි…

colombotoday

කාණ්ඩ 12ක් යටතේ සිදු කල ජල ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මකයි

colombotoday

රත්නපුරට – පැල්මඩුල්ලට ඇඳිරි නීතිය ඉවත් නොකෙරේ

colombotoday