Colombo Today Local News

රුපියල් මිලියන 63 ක කේරල ගංජා තොගයක් වෙත්තලකේනි මුහුදු සීමාවේදී අල්ලයි

යාපනය වෙත්තලකේනි මුහුදු සීමාවේදී නාවික හමුදාව විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී රුපියල් මිලියන 63 කට අධික වටිනා කේරල ගංජා කිලෝ 213 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් වෙත්තලකේනි මුහුදු තීරයේ දී සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්ෂණය වීමෙන් පසුව අදාල යාත්‍රාව පරික්ෂා කිරීමේදී මෙම කේරල ගංජා තොගය හමු වී ඇති අතර එහිදී ගංජා බෑග් 8 ක් තුළ පාර් සල් 98 ක කේරල ගංජා තොගය අසුරා තිබුණි.

එහිදී ඩිංගි යාත්‍රාව හා යාත්‍රාවේ සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා නිලධාරීන් විසින් පියවර ගනු ලැබීය.

කේරල ගංජා තොගයන් ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් උතුරු මුහුදු තීරයට රැගෙන එමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත් වූ බවට නාවික හමුදාව පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 36 ත් 41ත් පසුවන අතර ඔවුන් යාපනය උඩුතුරෙයි හා අලියාවරෙයි යන ප්‍රදේශයන්හි පදිංචි කරුවන්ය.

ඔවුන් හා කේරල ගංජා තොගය වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා පලෙයි පොලිස් ස්ථානය වෙතට බාර දීමට නාවික හමුදාව පියවර ගනු ලැබීය.

Related posts

පාර්ලිමේන්තු ගුටි කෙළියේ මුල්ම ගුටිය ඇන්නේ නියෝජ්‍ය ඇමති තෙවරප්පෙරුම

colombotoday

සූක්ෂම සඟවා තිබූ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝවක් නාවික හමුදාව සොයා ගනී

Admin

විරෝධතා නොසැළකේ.. ඉන්දීය ගිලන් රථ සේවාව ඇරඹීමට සියල්ල සූදානම්

colombotoday

අයේශා දැරිය ඝාතනය : කීර කොටු ගෙවියෙක් සැකපිට පොලිස් බාරයට

colombotoday

වස්කඩුවේ ලී මෝලක ගින්නක්

colombotoday

අධික උෂ්ණත්වය නිසා දරුවන් අනතුරේ.. දෙමව්පියන් කරන්න ඕන දේවල් මෙන්න

colombotoday