Colombo Today Local News

යුද අපරාධ චෝදනා විභාග නොකළොත් හමුදාව ජාත්‍යන්තර අධිකරණය හමුවට – ඇමැති මංගල අනතුරු අඟවයි

එල්ල වී ඇති යුද අපරාධ චෝදනා ගැන විභාග නොකළහොත් ආරක්‌ෂක හමුදා සාමාජිකයන්ට එරෙහිව ජාත්‍යන්තර අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේ අවදානමක්‌ ඇතැයි ඇමැති මංගල සමරවීර මහතා රජයට අනතුරු අඟවා ඇත.

මේ නිසා නැගී ඇති චෝදනා විමර්ශනය කර සාධාරණත්වය ඉටුකිරීම ආරක්‌ෂක හමුදා සාමාජිකයන්ට සහ සියලු පුරවැසියන් වෙනුවෙන් සිදුවිය යුතු බවද පවසන සමරවීර මහතා නොඑසේ නම් අපරාධ පිළිබඳ වගකිවයුතු අය ලෙස නම්කර ඇති පුද්ගලයන්ට තම ජීවිත කාලය පුරා එම චෝදනාවල පීඩාව සිත් තුළ දරාගෙන ජීවත් වීමට සිදුවන බවද කියා සිටී.

මේ නිසා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට ඉඳුරාම අනුකූල පියවරක්‌ බවද සමරවීර මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසකට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගත යුතු බවට මානව හිමිකම් කොමසාරිස්‌ මිචෙල් බැචලට්‌ නියෝග කළ බව “දිවයින” විසින් හෙළිකර තිබිණි.

Related posts

උතුරේ අධ්‍යාපන ඇමතිට “සංහිදියාව” ඇලජික් වෙයි.. ජාතික කොඩිය ඔසවන්න බෑ කියයි (Video)

colombotoday

පයාගල පොලීසිය තුලදී සැකකරුවෙකු තුවාල ලබා රෝහල්ගත කරයි

Admin

හමුදාවට මඩ ගහන තවත් වාර්තාවක් මානව හිමිකම් සමුළුවට !

colombotoday

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණ සටනට

colombotoday

මාස 3ක් පොකිරිස්සන් ඇල්ලීම තහනම්

colombotoday

රාජාංගනයේ සහ යාපනයේ ඇඹුල් කෙසෙල් සතිපතා ඩුබායිවලට

Admin