Colombo Today Local NewsTop Stories

මෛත‍්‍රී – මහින්ද කුමන්ත‍්‍රණය අපි උපන් ගෙයිම පරාජය කළා – අනුර කුමාර දිසානායක

පක්ෂයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයවත් රැුකපු නැති රනිල් වික‍්‍රමසිංහගේ බොරු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉදිරියේදී දැක ගැනීමට හැකිවනු ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප‍්‍රකාශ කළේය.

ජවිපෙ ප‍්‍රධාන කාර්යාලයේ පෙරේදා (15 දා) පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී දිසානායක එසේ පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීවේය.

පසුගිය ඔක්. 26 වැනිදා සිදුවුණේ මේ රටේ සිදුවූ භයානකම දේශපාලන කුමන්ත‍්‍රණයක්. එය දින 50 කට පමණක් සීමා කරන්න මේ රටේ ජනතාව සමත් වුණා. දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, සිවිල් පුරවැසියන් විශාල කාර්යභාරයක් ඉටුකළා. ජවිපෙ ඒ සියලූ දෙනාට ස්තූතිවන්ත වෙනවා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන්. මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වී තිබෙනවා. ඉල්ලා අස්වෙන්න දෙයක් නැහැ. පාර්ලිමේන්තුවෙන් දෙපාරක් පළවා හැරලා තිබෙන්නේ. එය ප‍්‍රමාණවත් නැත්නම්, අභියාචනාධිකරණයෙන් වැඩ තහනම් කළා. වැඩ පටන් ගත්තේ ? පානේ, හද මෝරන වෙලාවේ හොර රහසේ දිවුරුම් දීලා. ඉල්ලා අස්වුණේ නැකතක් බලලා පිරිත් කියලා ආගමික වතාවන් කරලා. සාමාන්‍යයෙන් නැකැත් බලන්නේ දීර්ඝ කාලයක් කරන දේ සාර්ථක වෙන්න. නමුත් මහින්ද රාජපක්ෂ නැකැත් බලනවා ජීවිත කාලෙටම ඉල්ලා අස්වෙලා ඉන්න කියලා. මේ තමයි රාජපක්ෂ ප‍්‍රබන්ධය. කුමන්ත‍්‍රණකාරී ආණ්ඩුවට ප‍්‍රජාතන්ත‍්‍රවාදී මුහුණුවරක් දෙන්න මෙහෙයුමක් දියත් වුණා. මාධ්‍ය ආයතන විශාල ප‍්‍රමාණයක් එම මාධ්‍ය මෙහෙවර ඉටු කළා. සැබෑ රාජපක්ෂ අපි දන්නවා. නමුත් මේ ඉන්නේ ප‍්‍රබන්ධ රාජපක්ෂ.

ඉල්ලා අස්වෙලා කිව්වේ මොනවද? දිවුරුම් දුන්නේ ජනවාරි වනතුරු මාස දෙකක අන්තර් කාලයකටලූ. මහමැතිවරණයක් නැතිව අගමැති ධුරය දරන්න බලාපොරොත්තුවක් නැති නිසා ඉල්ලා අස්වෙනවලූ. මේවා ඇත්තද? මේවා ජනතාව විශ්වාස කරන්න ඕනැද? එකක් පැහැදිලියි අරගෙන තියෙන්නේ ඡුන්ද කරන්න බව. 113 හදාගන්න පුළුවන් සෙල්ලම් ඔක්කොම දැම්මා. බැරි වුණ නිසා නොවැ 09 වැනිදා විසුරුවන්න සිදු වුණා. කුමන්ත‍්‍රණ කරලා බොරු කියමින් ජනතාව නොමග යවනවා. ඒ විතරක් නෙවෙයි සංචාරක කර්මාන්තය දියුණු වුණාලූ; ආර්ථිකේ දියුණු වුණාලූ; සිංගප්පූරු ගිවිසුම සලකා බැලූවලූ, පොහොර සහනාධාරය දුන්නලූ; වැසී යාමට තිබූ දේශීය කර්මාන්ත බේරගත්තලූ; නිල ඇඳුම් දීම ස්ථාපිත කළාලූ. කෘෂිකර්මාන්තයට සහන දුන්නලූ. මහින්ද මේ ඔක්කොම කළානම් දින 50 ඇතිනේ. තවත් මොකටද කාලයක් ඉන්නේ. කුමන්ත‍්‍රණය අසාර්ථක වුණාම ජනතාව මුලා කරනවා.

කුමන්ත‍්‍රණය දියත් වෙනකොට බොහෝ අය ඒ දෙස වෙනස්, වෙනස් විදියට බැලූවා. සමහර අය රනිල් වෙනුවට මහින්ද වාඩි වුණා කියලා සතුටු වුණා. සමහරු රනිල් ඉවත්කළා කියාල දුක්වුණා. නමුත් මේ ප‍්‍රශ්නේ ජවිපෙ ගත්තේ උපන් ගෙයිම පරාජයට පත්කළ යුතු දේශපාලන කුමන්ත‍්‍රණයක් ලෙසයි. අපේ තීරණය අපේ සාමාජිකයාම ප‍්‍රශ්න කරන්න පටන් ගත්තා. දේශපාලන ව්‍යාපාරය ඉන්නේ ජනතාවට ඉදිරියෙන්. හොඳ ඉවක් තිබෙන්න ඕනෑ. එනිසා මේ කුමන්ත‍්‍රණයේ දිශානතිය ජවිපෙ දැක්කා. ඒ අනුව තමයි අවලාද මැද්දේ මෙය පරාජය කරන්න තීරණය ගත්තේ. රනිල් ආරක්ෂා කරනවා කිව්වා. රාජපක්ෂ සමඟ පෞද්ගලික කෝන්තරයක් තියෙනවා කිව්වා. එජාපයට පූට්ටු කළා. නමුත් ජවිපෙ දේශපාලන තීරණයක් ගන්නේ හොඳින් කිරා මැන බලා හෘද සාක්ෂියට එකඟවයි. අවලාදවලට ඒවා නතර කරන්න බැහැ. ඒ අනුව කුමන්ත‍්‍රණය පරාද කරන්න අවශ්‍ය ක‍්‍රියාමාර්ග පියවරෙන් පියවර ගත්තා.

රනිල්ගේ සීමාව අගමැති පුටුව පමණයි. ඒ නිසයි රනිල් එයාටම පුටුව ඉල්ලන්නේ. එජාප මන්ත‍්‍රීන්ගේ සීමාව ඇමතිකමයි. දැන් ජාතික ආණ්ඩුව අවසන්. ඒ නිසා ඇමති ධුර 30 කට සීමා වෙනවා. එනිසා එජාපයේ ඇමති ධුරවල හිටපු කිහිපයකට ඇමති ධුර අහිමි වෙනවා. දැන් මෛත‍්‍රීගේ 21 දෙනා එන්න හදනවා. නමුත් එජාපය කියනවා 10 ක් ආවාම ඇතිලූ. එන හැමදෙනාටම ඇමති ධුර දෙන්න වෙන නිසා 21 ම ගන්න කැමැති නැහැ. ඇයි? ඇමැතිකම තමයි ප‍්‍රශ්නේ. කියන්න කණගාටුයි සමහර සිවිල් සංවිධානවල අයට ප‍්‍රශ්නේ තමන්ගේ නැතිවුණ සභාපතිකම ගන්න එක. මීට කලින් 19 යේ හිල් හෙව්වේ කවුද? මෛත‍්‍රීපාල, මහින්ද රාජපක්ෂ, නීතිපති, ජනාධිපති නීතිඥයෝ, නීතිඥ සංගමයේ සභාපති හිල් හෙව්වා. අද සිට 19 යේ හිල් හොයන්නේ රනිල් වික‍්‍රමසිංහ. ජාතික ආණ්ඩුවක් හදාගන්න. වැඩියෙන් ඡුන්ද ගත්ත පක්ෂයයි තව මන්ත‍්‍රීවරයෙක් එකතු වුනාම ජාතික ආණ්ඩුවක් හදන්න පුළුවන්. ඇමති ධුර තිහේ සිට 45 දක්වා වැඩි කරගන්න පුළුවන්. නමුත් පාර්ලිමේන්තුවට එන්න ඕනෑ. අපි සහතික වශයෙන් කියනවා 19 යේ හිල් අස්සෙන් රිංගලා ජාතික ආණ්ඩු හදලා ඇමති ධුර වැඩි කරගන්න ආවොත් පාර්ලිමේන්තුවේදී පරාජයට පත්කරනවා. මේ කුමන්ත‍්‍රණයේදී එජාපයට ඉතා පටු සීමාවක් තිබුණේ. නමුත් ජවිපෙ ඇතුළු බහුතරයක් සිවිල් සංවිධානවලට තිබුණේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් සීමා රහිත අරගලයක්.

පහුගිය කාලේ වැඩියෙන් අළෙවි වුන පොත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවයි. බොහෝ අය ව්‍යවස්ථාව ගැන අර්ථකතන දුන්නා. රූපවාහිනිවලට ගොඩ පෙරකදෝරුවෝ ඇවිත් ව්‍යවස්ථා අර්ථකතන දෙන්න පටන්ගත්තා. ඇතැම් ස්වාමින්වහන්සේලා පවා ත‍්‍රිපිටකය පැත්තකින් තියලා ව්‍යවස්ථාවෙන් බණ කියන්න පටන්ගත්තා. සමහර නාලිකාවල මාධ්‍යවේදීන් ව්‍යවස්ථා විශාරදයින් බවට පත්වෙලා හිටියා. කොහොම වුණත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන ජනතාවගේ අවධානය යොමු වුණා. ජනතාව දේශපාලන වශයෙන් අධ්‍යාපනය ලබාගැනීම ජනතාවගේ පැත්තෙන් ජයග‍්‍රහණයක්. ඒ වගේම ඒක වමේ පක්ෂවලට ලැබුණ ජයග‍්‍රහණයක්. දැන් මහින්දගෙ පුටුවේ රනිල් වාඩිවෙලා ප‍්‍රශ්නය කෙළවර වෙන්න යනවා. අගමැති පුටුවේ දෙන්නගෙන් කවුරු වාඩිවුණත් රටට වෙන සෙතක් නෑ.

අනෙක් පැත්තෙන් රාජපක්ෂ කඳවුර. එහි මෛත‍්‍රිපාල සිරිසේන කියන්නේ ගහලා යන්න කිට්ටු බලබ් එකක්. මේ ටික කාලෙට තවත් පිස්සු වැඩක් නොකර හිටියොත් ඇති. නමුත් රාජපක්ෂගේ කඳවුරේ දේශපාලන ජාතිවාදය, ගෝත‍්‍රවාදය, ආගම්වාදය. ඒ රංගනයට තමයි නැවත පොරකන්නේ. කුමන්ත‍්‍රණයෙන් පරාජය වුණාට පස්සේ යළි ශීඝ‍්‍රයෙන් ආගම්වාදයට ජාතිවාදයට ගමන් කරමින් ඉන්නවා. නඩු තීන්දුවෙන් පස්සේ අගවිනිසුරුතුමාට ආගම් පදනම් කරගෙන විවේචන එල්ල කරනවා. සමහර ස්වාමින්වහන්සේලා දේශනාකරනවා නඩු තීන්දුව මාතෘභූමියට එරෙහිව කරනලද කුමන්ත‍්‍රණයක්ලූ. රාජපක්ෂලා දේශපේ‍්‍රමීන්ද? මාතෘභූමියට ආදරය කරනවද? රාජපක්ෂ පවුලම රටේ ධනය හොරකම් කරලා තිබෙනවා. තාත්තයි අම්මයි පුතයි මල්ලියි බාප්පයි සියලූ දෙනා එකට හොරකම් කළා. එහෙම අය කොහොමද මාතෘභූමියට ආදරය කරන්නේ. රාජපක්ෂ කණ්ඩායමේ සමහර අයට මහත්තයටයි නෝනටයි දෙන්නටම නඩු. එනිසා ඔවුන්ට තිබෙන්නේ තවරගත්තු පොරවාගත්තු දේශපේ‍්‍රමයක්. එනිසා තවදුරටත් මේ බොරු දේශපේ‍්‍රමයට, ආගම්වාදයට ජාතිවාදයට ඉඩ ලබානොදිය යුතුයි. එයට එරෙහිව පෙරමුණක් ගොඩනැගිය යුතුයි.

මේ මාතෘ භූමිය පිළිබඳව අකලංක පේ‍්‍රමයක් අපිට තිබෙනවා. මහජනතාව පිළිබඳව අසීමිත පේ‍්‍රමයක් ආදරයක් තිබෙනවා. සෑම ආගමක් පිළිබඳවම ගරුත්වයක් සහ භක්තියක් තිබෙන මිනිස්සු අපි. අපි ආගම දේශපාලනයට සම්බන්ධ කර ගන්නේ නැහැ. අද මහින්ද රාජපක්ෂලාගේ සෑම ප‍්‍රකාශයකම තිබෙන්නේ ජාතිවාදය. රට කැඩෙන ව්‍යවස්ථාව හදන බව මතුරනවා. පෙඩරල් දෙන්න යනවලූ. එහෙම ව්‍යවස්ථා හැදුවට පාර්ලිමේන්තුවේ 2/3 න් සම්මත කරගන්න හැකියාවක් නැහැ.

Related posts

මන්ත්‍රී උපාලි කොඩිකාර අත්අඩංගුවට

colombotoday

නීති විරෝධීව අපනයනයට සූදානම් කර තිබූ හක් බෙල්ලන් තොගයක් රේගු භාරයට

colombotoday

පොහොය දිනවල උපකාරක පංති නවතයි

colombotoday

සුරාබදු දෙපාර්තමේන්තුවටත් පැන්න කොරෝනා නිලධාරියකු බිලි ගනී – 21ක් ලෙඩ කරයි

colombotoday

කිරිඇල්ල නොනැවතී ඉදිරියටම.. වයස නොසලකාහැර පත්වීමක් දෙන්නැයි තවත් ලිපියක්

colombotoday

ඇමති අකිලගේ ගෝලයෝ මිහින්තලේ පුරාවිද්‍යා රක්ෂිතයේ වැඩ

colombotoday