Colombo Today Local News

මිළ සූත්‍රය අනුව ලබන මාසයේ ඉන්ධන මිළ පහල යා හැකියි…

ලෝක වෙළඳපළේ බොරතෙල් මිල ක්‍රමයෙන් අඩුවීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන හෙයින් ලබන මාසයේදී මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ගණන් අඩුවිය හැකි යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කොළඹ එම අමාත්‍යංශයේ අද (18) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.

බොරතෙල් බැරලයක මිල අද වන විට ඇමරිකානු ඩොලර් 6 ක් පමණ හෙවත් ඇමරිකානු ඩොලර් 86 සිට 80 දක්වා අඩුවී තිබුණු බවද එහිදී ඇමතිවරයා සඳහන් කළේය.

ඉන්ධන මිල යම් ප්‍රමාණයක් ඉහළ ගියද කලාපයේ අනෙකුත් රටවලට සාපේක්ෂව යම් අඩුමට්ටමක පවතින බවද එහිදී සමරවීර මහතා කීවේය.

ලෝකයේ සෑම රටක්ම ඉන්ධන සඳහා බදු අඩුකරන බවද එලෙස බදු අයකිරීම රටේ සංවර්ධනයට අත්‍යාවශ්‍ය බවද ඇමැතිවරයා සඳහන් කළේය.

ඉන්දියාවේ පෙට්රල් ලීටරයක් සඳහා රුපියල් 82.17 ක බද්දක්ද ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 57.52කද බද්දක් අයකරන අතර ලංකාවේ පෙට්රල් ලීටරයක අයකරනු ලබන්නේ රුපියල් 53.68ක සහ ඩීසල් ලීටරයකට රුපියල් 25.48ක බද්දක් පමණකැයිද මංගල සමරවීර මහතා සඳහන් කළේය.

මේ අතර මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ප්‍රථමවරට එහිදී ඉන්ධන මිල සූත්‍රය ගණනය කරන ආකාරය ගැන ජනමාධ්‍යයට කරුණු අනාවරණය කළේය.

ඒ අනුව ඉන්ධන ලීටරයක උපරිම සිල්ලර මිල තීරණය කරනු ලබන්නේ වරායට ගොඩබාන පිරිවැය , සැකසීමේ පිරිවැය ,පරිපාලන පිරිවැය සහ බදු පිරිවැය එකතු කිරීමෙනි.

එය MRP=V1 +V2+V3+V4 යනුවෙන් හඳුන්වන බවද මංගල සමරවීර මහතා කීය.

Related posts

පාස්කු ප්‍රහාරය ගැන දැනුවත්ව තිබියදී වගකීම් විරහිතව ක්‍රියාකර ඇති කොටුව පොලිස් නිලධාරීන්

colombotoday

පන්සල්වල ඉන්න හීලෑ අලි ඇතුන් පටලවා ගනිමින් බෞද්ධ සංස්කෘතියට පහර ගැසීමේ කුමන්ත්‍රණයක් තිබෙනවා

colombotoday

හම්බන්තොට වරාය අද සිටි වසර 2116 දක්වා චීනයටයි !

colombotoday

හෙට-අනිද්දා පැය 3කට වැඩි විදුලි කප්පාදුවක්

colombotoday

පවතින සහල් මිලට වැඩියෙන් මිලක් යොදා සහල් සදහා ගැසට්පත්‍රයක් ගහලා.

colombotoday

රතන හිමි චම්පික මත ගැටුම උග්‍ර අතට – හෙළ උරුමයත් අවසන් ගමනේ…?

colombotoday