Colombo Today Local Newsජනාධිපතිවරණය

මධුමාධව ඉවත් වුණේ අලි සබ්‍රි ගේ බලපෑමට !

මුස්ලිම් අන්තවාදීන් සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා ජන හමුවකදී කල ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඇති වූ තත්ත්වය මත ඔහු පක්ෂයේ තමන් දැරූ සියළු තනතුරුවලින් ඉල්ලා අස්වීමට ගත් තීරණය පක්ෂ නායක උදය ගම්මන්පිල මහතා වෙත ලිඛිතව දැනුම් දී ඇත.

මධුමාධව අරවින්ද මහතාට සමීප ආරංචි මාර්ග පවසන පරිදි මෙම තීරණයට හේතුවී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාට සමීප වී සිටින ජනාධිපති නීතීඥ අලි සබ්‍රිගෙන් එල්ල වූ දැඩි බලපෑමයි.

අදාල ප්‍රකාශය සම්බන්ධයෙන් නීතීඥ අලි සබ්‍රි මහතා පොදුජන පෙරමුණේ නායකයන් වෙත සිය දැඩි විරෝධය පලකර ඇති අතර, මේ පිළිබදව පොදුජන පෙරමුණේ ප්‍රධානීන්ගේ දෝෂාරෝපනය එල්ල වී ඇත්තේ උදය ගම්මන්පිල මහතා වෙතයි.

එබැවින් ගම්මන්පිල මහතා පත්වී ඇති අපසුතාවය වලක්වා ගැනීම සදහා පක්ෂයේ දැරූ සියළු තනතුරුවලින් ඉවත් වීමට මධුමාධව අරවින්ද මහතා තීරණය කළ බව ඔහුට සමීප ආරංචි මාර්ග තවදුරටත් කියා සිටී.

Related posts

ගුදයේ රත්තරන් ගෙනා මුස්ලිම් ආගමික ඇමති සහයකයාට පාස්පෝර්ට් 5ක්

colombotoday

ජනක රත්නායක ඉවත් කිරීමේ වාර්තාව පාර්ලිමේන්තුවට

Admin

ජාතික රෝහලේ සායනවලට එන රෝගීන්ට විශේෂ දැනුම්දීමක්

colombotoday

පැය 12 ක විදුලි කප්පාදුවකට යන්න වෙයි – මහජන උපයෝගිතා කොමිසම

colombotoday

රන්ජන්ගේ ඩීල් හඩපට නිසා විනිසුරුවරයෙකුගේ වැඩ තහනම් කරයි !

colombotoday

අයිස් මත්ද්‍රව්‍ය ජාවාම්කරුවෙක් ඔරුගොඩවත්තේදී අල්ලයි

Admin