Colombo Today Local News

“මට සමාවෙයං පුතේ මම මේක හිතලා කරපු දෙයක් නෙමෙයි..” තම පොලුපහරින් මියගිය පුතා ඉදිරියේ පියා හඬා වැටේ.

පොලූපහරක් වැදීම හේතුවෙන් දින ගණනාවක් දැඩිසත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී මියගිය පාසැල් සිසුවාගේ දේහය දැක බලාගැනීමට විශේෂ අවසරයක් මත එම මරණය සම්බන්ධව  සැකපිට බන්ධනාගාරගත කර සිටින සැකකාර පියා අද  (14) දහවල් බළන්ගොඩ මස්සැන්නේ නිවසට රැගෙන  ආවේය.

බළන්ගොඩ මස්සැන්න, උඩුමුල්ල නිවසේ මියගිය නලින් ධනංජය නැමැති දරුවාගේ දේහය දෙස බලාගෙන ඇස්වල කඳුලූ මාංචු වලින් අගුල් දමාතිබු දෑත් පිස දමමින් සැකකාර පියා ‘‘මට සමාවෙයං පුතේ මම මේක හිතලා කරපු දෙයක් නෙමෙයි….’’ යැයි විලාප දි හඬද්දී පැමිණ සිටි සියලූ දෙනාගේම දෑස්  කඳුලින් තෙත්ව යනු පෙණුනි.

මීට සතියකට පමණ පෙරදී රාත‍්‍රියකදී මව හා පියා අතර ඇතිවූ රණ්ඩුවක් දුරදිග ගොස් පියා විසින් මවට එල්ල කරන ලද පොලූ පහරක් වළක්වාලන්නට ගොස් ඒ පොලූපහර වැදී හිසේ අභ්‍යන්තරයට වූ තුවාල හේතුවෙන් රත්නපුර මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ පසුවු දරුවා සතියකට පමණ පසු මිය ගියේය.

මෙම සිදුවීම වන අවස්ථාවේ සැකකාර පියා බීමත්ව සිටි බවට තොරතුරු ඇති බව පොලීසිය සඳහන් කළේය.

දරුවගේ මරණය සම්බන්ධයෙන්  සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ මියගිය දරුවාගේ පියාවු ඩබ්.ඒ.නීල් ජයරත්න (42)  යන අය අධිකරණ නියෝග මත ලබන 22දා තෙක් රිමාන්ඞ් බන්ධනාගාරගත කර ඇත.

දරුවා මියයාමෙන් පසු කුරුවිට බන්ධනාගාරයේ  ර`දවා සිටින සැකකරු බන්ධනාගාර  බස් රථයකින් අද (14)  දහවල් රැගෙන  ආ අවස්ථාවේ බළන්ගොඩ පොලීසිය ආරක්‍ෂාව සැලසීය. මෙම අවස්ථාව දැක බලාගන්නට විශාල පිරිසක් පැමිණ සිටියහ.

Related posts

” පෙට්‍රල් – ඩීසල් ප්‍රමාණවත් තොග පවතිනවා “

colombotoday

හෙළ උරුමය සර්වාගමික වෙයි.. පුංචි ඡන්දෙට දෙමළ, මුස්ලිම් අපේක්ෂකයන් !

colombotoday

‘දේශීය ආදායම් බදු පනතේ ගැටළුවක් නැහැ’

Admin

රනිල්ට එරෙහි විශ්වාසභංගයට මහින්ද-බැසිල් එරෙහි වෙයි..!

colombotoday

“මේක සංග්‍රාමයක් විදිහට සලකන්න. නැතිනම් පොල්වගාව නැති වේවි. සුදුමැස්සා පාලනයට හමුදාව හෙලිකොප්ටර් යොදවන්න”

Admin

ඉදිකිරීම් ව්‍යාපෘති වලින් වසරක සිට රු. බිලියන 150ක් රජයට මෙතෙක් ලැබී නැහැ

colombotoday