Colombo Today Local News

මගේ ආණ්ඩුවේ දක්ෂිණාංශික දේශපාලන බලවේග මාව නොමරා මැරුවා -හිටපු ජනාධිපති කියයි

යහපාලන ආණ්ඩුවේ දක්ෂිණාංශික බලවේග තමා නොමරා මැරූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතාගේ 61 වන ගුණසමරු උත්සවයට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා පවසා සිටියේ, “මේ රටේ ජනාධිපතිවරු හිටියා තුන් හතර සැරේ අගමැතිධූරවලට පත්වුණා ඉතිහාසයේ. නමුත්, ඒ අය ගැන අපේ, ජනතාවගේ හදවත් තුළ දේශපාලන මතයක්, දර්ශනයක් නැහැ. ඒ නම් කියවෙනවා. නමුත් බණ්ඩාරනායක මහතාගේ කාලය මේ රටේ පොඩි මිනිසා ඔළුව උස්සපු යුගය. දෙන්න තියෙන ඉහළම නිදහස දුන්නා වෘත්තීය සමිතිවලට. ඒ නිසා තමයි දුන්න නිදහස ආපහු පාවිච්චි කරලා බණ්ඩාරනායක මහත්තයට ආපහු ගහලා අවුරුදු තුනහමාරක කාලය තුළ වැඩවර්ජන 400 ගණනක් සිදුකර බණ්ඩාරනායක මහත්තයට දැඩි පීඩනයක් දුන්නේ. ඒ පීඩනය දෙනකොට සර් ජොන් කොතලාවල කිව්වා “අපි බැදපු බල්ලෝ බණ්ඩාරනායක දිහලා දැම්මා. ඒ බල්ලෝ දැන් බණ්ඩාව හපා කනවා කියලා. එතුමාගේ ආණ්ඩුව තුළ දෙන්න තියෙන වද සියල්ල එතුමාට දුන්නා. ඒ මහා පෙරළියක් කළ ශ්‍රේෂ්ඨ නායකයාව අවසානයේ වෙඩි තියලා මරලා දැම්මා. බණ්ඩාරනායක මහත්තයාගේ දර්ශනය මමත් පුළුවන් විදියට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ දර්ශනය ලෙස රට පාලනය කරන්න තමයි 2015 ජනවාරි 8 මේ රටේ ජනාධිපති වුණේ. මගේ ආණ්ඩුවේ දක්ෂිණාංශික දේශපාලන බලවේග මාව වෙඩි තියලා මරලා නොදැම්මට මාව නොමරා මැරුවා.” යනුවෙනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතාගේ 61 වන ගුණසමරුව නිමිත්තෙන් ‘බණ්ඩාරනායක ප්‍රත්‍යාවලෝකනය‘නමින් විශේෂ සමරු උත්සවයක් පක්ෂ මූලස්ථානයේ දී අද පැවැත්විය.

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

එහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසා සිටියේ,”ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස වර්තමාන රජයේ කොටස්කරුවන් ලෙස සෑම අභියෝගයකට ම මුහුණ දීමට සිදුවෙනවා. මේ 69 වන සමරුවේ, අපි දැන ගන්න ඕන ප්‍රධාන කාරණේ කියලා මම විශ්වාස කරන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දේශපාලනය කරන්න ලෑස්ති වෙන්න ඕනේ කියලයි මම නම් විශ්වාස කරන්නේ. අභියෝග එයි. ප්‍රශ්න එයි. ඇමතිකම් මන්ත්‍රීකම් නැති වෙයි. සංවිධායකකම් නැති වෙයි. හැබැයි අභියෝගය ජනතාව හමුවේ තියෙනවා. ඒ නිසා මේ 20 වෙනි සංශෝධනය පිළිබඳවත් අපිට ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. අපි ඒවා ප්‍රසිද්ධියේ කථා කරලා ආණ්ඩුව අපහසුතාවයට පත්කරනවා වෙනුවට ඒ සම්බන්ධයෙන් අපේ තියෙන අදහස්, අපි බලාපොරොත්තු වෙන්වා අනාගතයේ දී අග්‍රාමාත්‍යවරයාට හා ජනාධිපතිවරයාට යවන්න.” යනුවෙනි.

Related posts

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සමක්

Admin

කොරෝනා මරණ ආදාහනය සඳහා ශ්‍රී ලංකාවේ කාඩ්බෝඩ් පෙට්ටි භාවිතා කිරීමට පටන් ගනී

colombotoday

අගමැති බංග්ලාදේශය බලා පිටත්ව යයි

colombotoday

මත්පැන් ඔන්ලයින් අලෙවි කිරීමේ ඉල්ලීම කොවිඩ් කමිටුව කුණු කූඩයට දමයි

colombotoday

හිස්බුල්ලාගේ ශරියා සිහිනය බොද වෙයි ! බැටිකලෝ විශ්වවිද්‍යාලය, ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට අන්තර්ග්‍රහණය කිරීමට ජනපති තීරණය කරයි.

colombotoday

සජිත්ගේ ගෝලයෝ කොටියෙක් මරා දත් ගලවයි.. යහපාලන අවකෙළි තව ඉවසනු බෑ, වනජීවී ලොක්කා ගෙදර යයි

colombotoday