Colombo Today Local News

බොදු බල සේනාවේ හා එහි දේශපාලන අංශය වන බොදු ජන පෙරමුණේ නිදහස් දින පණිවුඩය

බොදු බල සේනාවේ හා එහි දේශපාලන අංශය වන බොදු ජන පෙරමුණේ නිදහස් දින පණිවුඩය

අසාධාරණ හා අයුක්ති සහගත ලෙස අධිකරණ ක්‍රමය යොදා ගෙන නිත්‍යානුකුලව සිරකර ඇති බොදු බල සේනා හා එහි දේශපාලන අංශය වන බොදු ජන පෙරමුණේ නායක පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිව “දේශපාලන සිරකරුවකු” ලෙස හෝ නීතියේ ආධිපත්‍ය විසින් යම් බලපෑම් මත සිරකර ඇති “නිදහස් පුරවැසියකු” ලෙස සලකන බොදු බල සේනාව හා බොදු ජන පෙරමුණ මෙම පණිවුඩය නිකුත් කරන්නේ පහත කරුණු සියලු දෙනාගේ අවධානයට යොමු කරවීමටය.

· පසුගිය වසර 71 තුල සාමාන්‍ය ජනතාවට ලැබුණු නිදහසක් නොමැත.

· දේශපාලන බල අධිකාරිය, රාජ්‍ය පරිපාලනය මෙන්ම අධිකරණය ද නිදහස සමරන්නේ ජනතාව සිර කරමින්ය.

· මහජනතාව විසින් ආණ්ඩු පත් කලද, එම ආණ්ඩු නිදහස සැමරුවද එය හුදෙක් ජනතාව තවදුරටත් ආර්ථිකව සිරකරන දිනයක් මිස බහුතරයක් විසින් නිදහස ගැන සතුටින් සිතන දිනයක් නොවේ.

· පසුගිය වසර 71 තුල පාලකයින් විසින් බ්‍රිතාන්‍ය විසින් නිදහස් සටනකින් තොරව ලබා දුන් රට හා රාජ්‍ය දැඩි ලෙස දුර්වල කර ඇත.

· බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබුනද සාමාන්‍ය ජනතාවට සිදු වුයේ සුද්දන්ටත් වඩා ජනතාව බදු බර ඇතුළු විවිධ බර වලින් හිර කරන සුද්දන්ටත් වඩා භයානක ලෙස ජනතාව සුරා කන කළු සුද්දන්ගේ පාලනයට ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් යටත් වීමටය.

· අධිකරණය, විධායකය/රාජ්‍ය පරිපාලනය , ව්‍යවස්ථාදායකය, පොලිසිය හා ත්‍රිවිධ හමුදා අද ක්‍රියාත්මක වන්නේ බ්‍රිතාන්‍ය විසින් බිහිකළ ව්‍යුහයන් තුල සිර වී අධිරාජවාදී පාලනය ප්‍රජාතන්ත්‍රවාදය නම් වූ ලේබලයෙන් වසා ගෙන පාලකයාගේ හිතසුව පිණිස මිස පොදු මහජනතාව ගේ හිත සුව පිණිස නොවේ.

· රටට ආදරය කරන පුරවැසියකු බිහි කරනවා වෙනුවට ලැබුණු මුල්ම අවස්ථාවේ රට හැර ගොස් වෙන රටක පුරවැසිකම අපේක්ෂා කරන පරපුරක් බිහි කරන අධ්‍යාපනයක් අපට හිමි කර ඇත.

· දුෂණය, වංචාව, අකාර්යක්ෂමතාව, නාස්තිය හා බොරුව රටේ සංස්කෘතියක් බවට පත්ව ඇත. එය දේශපාලනයේ පමණක් නොව රාජ්‍ය පරිපාලනයේ හා අධිකරණයේද කොටසක් බවට පත්ව ඇත.

· පසුගිය කාලය තුල 71, 89 තරුණ අරගල හා 83-2009 දෙමල අරගල නමින් ඇතිවූ ත්‍රස්තවාදය තුල අපේම රටේ පිරිස් අතර ගැටුම් ඇති වී විශාල මිනිස් ජිවිත මෙන්ම දේපල හා දියුණුවට තිබු අවස්ථා අහිමි වීම දක්නට පුළුවන.

· ප්‍රචණ්ඩත්වය සියලු ක්ෂේත්‍ර වල දක්නට පුළුවන. එයද සංස්කෘතියේ කොටසක් වී ඇත.

· එකම රටක් වෙනුවට බෙදුණු රටක් බිළිබඳ බිය හා සැකය හිමි කර ඇත.

· සියලු පුරවැසියන් හා අනාගත පරම්පරාව සදාකාලිකව විදේශ වලට ණයකරුවන් බවට පත් කර රජය හා පාලකයින් විසින් නිදහස සමරන රටක් උරුම කර ඇත.

මෙම ලැයිස්තුවට සීමාවක් නොමැත.

අවසානයේ දී අපේක්ෂාබංගත්වය පිරුණු අනාගතය පිලිබඳ පැහැදිලි චිත්‍රයක් නොමැති දඩාවතේ යන ජාතියක් බිහිවී ජනතා මුදලින් සංකේතාත්මකව නිදහස සමරමින් සතුටුවන පාලකයින් සිටින හා බහුතරයක් ජනතාව ඒ පිලිබඳ නොසතුටින් සිටින රටක අද අපි අතරමංව සිටිමු.

මේ තත්වය වහාම වෙනස් කළ යුතුය

අලංකාර සුරංගනා කතා වලින් තවදුරටත් අපට ප්‍රයෝජනයක් නැත. නමින් පමණක් අභිමානවත් මේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය , සමානාත්මතාව, යහපාලනය, සහජීවනය , මානව අයිතිවාසිකම් ගැන තවදුරටත් කතා කිරීම ප්‍රමාණවත් නොවේ. ජනතාවට අවශ්‍ය නිදාගැනීමට සුරංගනා කතා නොවේ. ජීවත්වන්නට හොද ආර්ථිකයක් සහිත දුප්පත්කම තුරන් කළ සාධාරණ සමාජයකි.

මේ දුෂ්ට හා දුෂිත සමාජය හා රාජ්‍ය වෙනස් කිරීම පහසු නැති බව අපි දනිමු

මේ සදහා විශාල රාජ්‍ය හා සමාජ ප්‍රතිව්යුහකරණයක් කළ යුතුය. විශාල මානසික විප්ලවයක් කලයුතුය. සැම දෙනාම ජාතික පරිත්‍යාගයක් කිරීමට සුදානම් විය යුතුය.

එල් ටි ටි ඊ ත්‍රස්තවාදය ජාත්‍යන්තර සහයෙන් හිස ඔසවමින් සිටි.

ඉස්ලාමික ත්‍රස්තයන් කදවුරු බැදගනිමින් සිටි

සිංහල අන්තවාදයට මතවාදීව ආයුධ සපයමින් සිටි.

මේ සියල්ල අතර අපගේ අතීත හා වර්තමාන විදේශ ප්‍රතිපත්ති හා ජාතික සැලසුම් වල දුර්වල කම් නිසා ඇමරිකා, ඉන්දීය හා චීන ගෝලීය දේශපාලනයේ පාපන්දුවක් බවට අපේ රට අපේ පාලකයින් විසින් පත් කර ඇත.

අපේ පාලකයින්ගේ හා නිලධාරීන්ගේ දුෂණ, වංචා හා නොහැකියාව නිසා ආර්ථික වශයෙන් දුර්වල කර ඇති අපේ රට අපොහසත් රාජ්‍යයක් බවට ආසන්න වෙමින් පවතී

රටේ ආරක්ෂාව බල්ලාට යමින් පවතී

කුඩු , පාතාලය හා ත්‍රස්තවාදය හා බෙදුණු දේශපාලනය පොදු ජනතාවට එරෙහිව කදවුරු බැදගෙන සිටි.

මේ නිසා වහාම රට තුල හදිසි තත්වයක් ඇති බව තේරුම් ගෙන එය ප්‍රකශයට පත් කළ යුතුය.

දේශපාලන නායකයින් සියලු දෙනා එක්ව අමාත්‍ය මණ්ඩලය 30 කට සීමාවූ සැබෑ ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගත යුතුය. එම රජය වසර 10 ක් තුල රට එක්සත් කොට දියුණු කිරීමට වහාම පියවර ගත යුතුය

සියලු බුද්ධි අංශ නැවත ප්‍රතිසංවිධානය කිරීමට වහාම කටයුතු කොට රටේ ආරක්ෂාව තහවුරු කළ යුතුය.

අප්පමාදෝ අමතපදං හා නහි වේරෙන වේරානි යන පද ගැන නොසිතා සිය පුද්ගලික පරමාර්ථ ගැන සිතුවොත් රටටත්, ජනතාවට පමණක් නොව පාලකයින්ටත් අබ සරණ බව මරණය මෙන්ම නියතය.

Related posts

රහස් ඡන්දයෙන් පොහොට්ටුව දිනයි.. ගාල්ල නගරසභාවත් පොහොට්ටුවට

colombotoday

ඇඳිරි නිතිය ඉවත් කෙරුණත් නිරෝධායන ක්‍රියාවලිය දැඩිව නිරීක්ෂණය කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

colombotoday

වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම හිමි සහ රත්කරව්වේ ජිනරතන හිමිට වරෙන්තු

Admin

කුරුණෑගල DIG ත් මාරු කරයි

colombotoday

අභ්‍යන්තර ආරක්ෂාව ගැන සීරුවෙන් සිටින්න – මහජන ආරක්ෂක ඇමතිගෙන් පොලිසියට දැනුම්දීමක්

colombotoday

අපනයන ඉලක්ක කරගත් ආර්ථිකයකට ඉදිරි තීරණ ගන්නවා

colombotoday