Colombo Today Local News

බීඩි කොල වංචාකරු ෆයිසාල් අහමඩ් කරුංකා මගඩියටත් සම්බන්ධයි… පිටුපසින් ප්‍රබල දේශපාලන හස්ථයක්…

තීරු බදු වංචා කරමින් මෙරටට ගෙන ආ බීඩි කොළ කන්ටේනරය නීති විරෝධී ලෙස නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ඊයේ (18) යලි රිමාන්ඩ් භාරයට පත් කරන ලද නූර්දීන් ෆසාල් අහමඩ් නැමැත්තා ලංකාවේ කරුංකා ප්‍රති අපනයන ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ලවන සමාගම් සමඟත් සම්බන්ධකම් පවත්වා ඇති බව වාර්තා වේ.

වසර 1998 දෙසැම්බර් මස 28 වැනිදා අත්සන් තබන ලදුව 2000 මාර්තු 1 වැනිදා බලාත්මක කොට ක්‍රියාත්මක වූ ඉන්දු – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුමෙන් (ISFTA) ප්‍රයෝජන ලබා ගනිමින් වෙනත් රවල සිට ලංකාවට කරුංකා ගෙන්වා එම ගිවිසුම හරහා ප්‍රති අපනයනය කර වංචා සිදු කළ බවට චෝදනා එල්ලවී ඇති වයඹ ට්‍රේඩර්ස් සමාගමේ හිමිකරු අදාළ සැකකරුගේ මාමණ්ඩිය බව පැවසේ.

වයඹ ට්‍රේඩර්ස් සමාගමේ හිමිකරු ලෙස කටයුතු කරනු ලබන්නේ එස්.එච්. සදිකින් නැමැත්තෙකි.

කරුංකා ප්‍රතිඅපනයනයේදී සිදු කළ බදු වංචාවලට ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරුන්ගේ මෙ සහය ලැබී ඇති බව රේගු පරීක්ෂණ වලින් පසුගිය කාලයේදී හෙළිව ඇති බව වාර්තා වේ.

බදු වංචා කර ලබා ගන්නා බීඩි කොළ ලබාදී ඇත්තේද ලංකාවේ දේශපාලන සම්බන්ධකම් සහිත ප්‍රධාන පුද්ගලයන්ට බව හෙළිව තිබේ.

බීඩි කොළ බදු වංචාව හරහා එක් කන්ටේනරයකින් රුපියල් ලක්ෂ 100ක පමණ බදු වංචා සිදු කරනු ලබන බව පැවසේ.

වියට්නාමයෙන් මෙරටට ගම්මිරිස් ගෙන්වා ඒවා ශ්‍රී ලංකාවේ නිෂ්පාදන බව හඟවා ඉන්දියාවට අපනයනය කිරීමේ හොර ජාවාරමේ ප්‍රධාන සැකකරු බීඩි කොළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ මෙම පුද්ගලයා බව ද රේගුවට හෙළි වී ඇත.

ශ්‍රී ලංකා මිරර්

Related posts

“ප්‍රභාකරන් වීරයෙක් කියා කියන්නේ මොන පැත්තෙන්ද“ එස් බී විජයකලාගෙන් අසයි (Video)

colombotoday

ඊළාම්වාදීන් නිරුත්තර කරන සුදුකොඩි සිද්ධියේ ඇතුල් පැත්ත

colombotoday

මැතිවරණ පෙත්සම් ගැන තීන්දුවක් ගන්න පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

colombotoday

යහපාලනය තියෙද්දී ඥානසාර හිමි දෙමල නිජභූමියට ආවා – ඒ නිසා ජනාධිපතිවරණයට තනිව ඉදිරිපත්වෙනවා. සිවාජිලිංගම් කියයි.

colombotoday

පාස්කු වන්දි නඩු විමසීමට දින දෙයි

Admin

අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුර තේ වත්තකින් හමු වෙයි

Admin