Colombo Today Local News

බන්ධනාගාරයේ සිට කරන අපරාධ මෙහෙයුම් වහාම අවසන් විය යුතුයි- ජනපති

පාතාල නායකයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාරයේ සිට කරන අපරාධ මෙහෙයුම් වහාම නතර විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි

බන්ධනාගාරවල අභ්‍යන්තර තත්වය විමර්ශනය කරනු පිණිස ඊයේ (01)දින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

රට තුළ සිදුවන බොහෝ අපරාධ සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් බන්ධනාගාරයේ සිට මෙහෙයවන බවට නිශ්චිත තොරතුරු අනාවරණය වී ඇති අතර ඒ පිළිබඳව ජනතාව අතර ද දීර්ඝ කාලයක සිට පවතින මතය ඉතා කණගාටුදායක බව ජනාධිපතිවරයා එහිදී පැවසීය.

ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටින්නේ බන්ධනාගාර ඇතුළත ජංගම දුරකථන භාවිතය සම්පූර්ණයෙන් තුරන් කළ යුතු බවයි.

බන්ධනාගාරය හෝ පොලීසිය බිඳ වැටී ඇත්නම් රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී එය බලපාන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන් අතර කුමන දේශපාලන මතයක් දැරුවද නිලධාරියෙකු හරි දේ කරන්නේ නම් එය අනුමත කරන බව ද රාජපක්ෂ මහතා එහිදී පැවසීය.

එසේම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පවතින අඩු පාඩු ඉවත්කොට සම්පූර්ණයෙන් විධිමත් කරන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.‍

ආරක්ෂක ලේකම්, යුද හමුදාපති, පොලිස්පති ඇතුළු කමිටුවක ප්‍රධානත්වයෙන් එය සිදු කෙරේ. නිලධාරීන් පුහුණු කිරීම්, දිරිගැන්වීම් ඇතුළු සියලු ක්‍රියාකාරකම් අධීක්ෂණ කණ්ඩායමකට යොමු කිරීමට ද උපදෙස් දෙනු ලැබිණ.

දූෂිත සහ අකාර්යක්ෂම නිලධාරීන් හඳුනාගෙන ඔවුන් සම්බන්ධයෙන් නිවැරදි තීරණ ගත යුතුව ඇතැයි ජනාධිපතිවරයා පැවසීය.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්. මොහොමඩ් යන මහත්ම මහත්මීහූ සහ ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රමුඛ පොලීසියේ සහ බන්ධනාගාරයේ ඉහළ නිලධාරීහූ සාකච්ඡාවට එක්ව සිටියහ.

Related posts

Photos: “පාරිභෝගිය අයිතියට මගක්” ග්‍රන්ථය එළි දකී

colombotoday

කොළඹ – මීගමුව අවට වෙරළ තීරයට ගොඩ ගසන දේවල් අල්ලන්න එපා – එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැන දැනුම්දීමක්

colombotoday

සීෂෙල්ස්හි ඉදිකිරීම් සමාගමක සේවය කළ ශ්‍රී ලාංකිකයෙකු ඝාතනයවේ

colombotoday

දෛනිකව රෝහල් ගතවන ඩෙංගු රෝගීන් ඉහළ යයි

Admin

IECD බලපත්‍ර සඳහා Online ඔස්සේ ගාස්තු ගෙවීමට අවස්ථාව

colombotoday

මොකක්ද මේ වහාබ්වාදයට වඩා දරුණු සලාෆි වාදය ?

colombotoday