Colombo Today Local News

පොහොට්ටුවේ වැඩ සටහන් කිහිපයක් තාවකාලිකව නවතී

ශි‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ සිව් වන සංවත්සරය වෙනුවෙන් මෙම මස පුරා කි‍්‍රයාත්මක කිරීමට සැලසුම් කර තිබූ වැඩසටහන් කිහිපයක් තාවකාලිකව නැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්තී‍්‍ර, නීතිඥ සාගර කාරියවසම් පැවසුවේ කොරෝනා වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි. ඒ අනුව සැලසුම් කර තිබූ සියළු ආසන සම්මේලන, කාන්තා හා තරුණ සම්මේලන මෙන්ම අනුබද්ධ සංවිධාන සම්මේලන පැවැත්වීමට තාවකාලිකව නතර කර තිබෙනවා.

කෙසේවෙතත් සාමාජික ප‍්‍රවර්ධනය හා ශාඛා සමිති බලගැන්වීම යන වැඩසටහන් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් සිදුකරන ලෙසට සියළු පාක්‍ෂිකයන්ට දැනුම් දෙන බවයි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්තී‍්‍ර නීතිඥ සාගර කාරියවසම් වැඩිදුරටත් සදහන් කළේ.

Related posts

චමල්-නාමල් මැතිවරණ ප්‍රචාරක කටයුතු අත්හිටුවයි !

colombotoday

කාන්තන්කුඩි පොලීසියේ නිලධාරියෙක් ඝාතනය කෙරේ

colombotoday

නිවසක බිත්තියක් කඩාවැටී දරුවකු මිය යයි

colombotoday

පොලිස් සිරමැදිරිය තුළ සැකකරුවෙකු ගෙල වැළලාගනී

colombotoday

ජනපති ගෝඨාභයට විරෝධය පෑ වයිකෝ අත්අඩංගුවට…

colombotoday

ආණ්‌ඩුවෙන් යනවාද නැද්ද. | පක්‌ෂ 12ක්‌ සාකච්ඡාවක

colombotoday