Colombo Today Local News

පොලිසියටත් වඩා සීඅයිඞීය දුර්වලයි – කොළඹ මහාධිකරණ විනිසුරු කියයි

බරපතළ අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ වගකීම පැවරී ඇති අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සෙසු විමර්ශන නිලධාරීන්ට වඩා කාර්යක්‍ෂම හා දැනුමක් ඇතිව කටයුතු කළ යුතුව ඇතත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පොලිසියටත් වඩා දුර්වල බව තම අධිකරණයට පෙනී යන්නේ යැයි කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ (26දා) විවෘත අධිකරණය හමුවේදී ප‍්‍රකාශ කළේය.

2005 වසරේදී නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවකට අදාළ පැමිණිල්ලේ ලේඛන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ දක්වා අධිකරණයට ඉදිරිපත් කර නොමැති බැවින් ඊයේ (26දා) දිනයට නියමිත නඩු විභාගය කල්දමන ලෙසට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ රියාස් බාරි මහතා ඉල්ලීමක් කළ අවස්ථාවේදී විනිසුරුවරයා එලෙස ප‍්‍රකාශ කළේය.

නඩුවක් විභාග කිරීමට දින නියම කර ඇති විටෙක අවශ්‍ය ලේඛන ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වගබලාගත යුතු බවත්, එලෙස නොකිරීම නිසා නඩු විභාගය කල්දැමීම මගින් විත්තියට අගතියක් සිදුවන බවත් විනිසුරුවරයා එහිදී පෙන්වා දුන් අතර නඩු විභාගය අද (27දා) දක්වා කල්තැබීමට නියෝග කළේය.

පසුගිය යුද සමයේදී එල්.ටී.ටී.ඊ සංවිධානයට මූල්‍ය ආධාර ලබාදීම ඇතුළු අධිචෝදනා යටතේ දෙමළ පුනරුත්ථාපන සංවිධානයේ නිලධාරීන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් එම නඩුව පවරා තිබිණි.

Related posts

පිරවුම්හල් වලට ඉන්ධන බෙදාහැරීම් යළි ඇරඹෙයි

colombotoday

දරුවා පාසලට දා ආපසු යද්දී පියා වෙඩි කා මරුට

Admin

පොදුජන පෙරමුණේ මහින්ද සමරසිංහත් ඉල්ලා අස්වෙයි

colombotoday

ජනපති කැඳ වූ සර්ව පාක්ෂික හමුව අද

Admin

තෙල් නළ අළුත්වැඩියාව ඇමතියෙක් අතට.. කොන්තරාත්තුව හරහා ඩොලර් මිලියන 7ක කොමිස් කුට්ටියක් ගිලී!

colombotoday

මම ඇමති කාලේ අසෝක කාර්මික නිලධාරීයෙක්

Admin