Colombo Today Local News

පිලිපීනයේ ක්‍රමයට මත් ජාවාරම්කරුවන් මර්ධනය නොකරන්නේ මෙහෙ NGO කාරයෝ කෑ ගහන නිසයි…

මත්ද්‍රව්‍ය හේතුවෙන් මරණීය දණ්ඩනයට නියම වූ පුද්ගලයින්ගේ මරණීය දණ්ඩය නියම කිරීම සඳහා අත්සන් කළයුතු ලිපිගොනු අතුරුදහන් වී ඇති බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අද (21) පැවසීය.

මෙරට බන්ධනාගාරවල තිබෙන්නේ මරණ දඩුවමට නියමවුනායැයි කියා ලබාදුන් තීන්දුව පමණක් බවත් එහි සඳහන් වන්නේ අදාල පුද්ගලයා මරණ දඩුවමට නියමවූ පුද්ගලයකු කියා පමණක් බවත් සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් ඊට අදාල වෙනත් ලිපිගොනු කිසිවක් බන්ධනාගාරයේ හෝ අධිකරණ අමාත්‍යංශයෙත් නොමැති අතර එයට හේතුව  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මේ ලිපිගොනු සොරකම් කිරීම බව ජනාධිපතිවරයා හෙළිදරව් කළේය.

ජනාධිපතිවරයා මේ බව පැවසූයේ මතින් තොර රටක් නිර්මාණය කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය යටතේ ක‍්‍රියාත්මක  ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය ආරම්භ කරමින් මුලතිව් මුල්ලියාවේලි විද්‍යානන්ද විදුහලේ පැවති වැඩසටහනකදීය.

එහිදී  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා මරණ දඩුවමට නියමවූවන් සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙසේ ද කීය.

       ‘‘මම ගියසතියේ පිලිපීනයට ගිය වෙලාවේ මත්ද්‍රව්‍ය මර්දනය පිළිබඳ අලූත් දේවල් ඉගෙනගන්නට ලැබුණා. පිලිපීනය මත්ද්‍රව්‍ය නිසා විනාශවී තිබූ රටක්. පිලිපීනයේ ජනාධිපති කළ දේවල් නම් මම කරන්නේ නැහැ. ඒවා  කරන්නැත්තේ එවා කරන්නට ගියොත් ඒවාට විරුද්ධවන අය වැඩියි මේ රටේ. ඒවාට විරුද්ධ වන මේ රටේ සිටින එන් ජි  ඕ කාරයින්ගේ බලය වැඩි නිසයි. මානව හිමිකම් කතාකරන එන් ජි  ඕ කාරයෝ නිසා ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ පැත්ත අරන් කතාකරන හින්දා ඔවුන්ට බලය වැඩියි.

මා පිලිපීනයේ වැනිලා නුවරදී කිව්වා ලෝකයේ සිටින රාජ්‍ය නායකයින්ට ආදර්ශයක් පිලිපීන ජනාධිපතිවරයා කියා මා දැක්කා ලෝකයේ මානව හිමිකම් සංවිධාන කියා තිබෙනවා ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයා මානව හිමිකම්වලට විරුද්ධ වීම හා සහයදීම හේතුවෙන් හේට්නුවරට ගෙනිහින් මට දඬුවම් දෙන්න පුළුවන් කියලා තිබෙනවා මම දැක්කා.

මම සිංගප්පුරුවේ සිට ලංකාවට පැමිණි ගුවන්යානයක තිබූ පත්තරයකත් එය දාලා තිබුණා. මේ කෑගහන මානව හිමිකම්කාරයෝ මේ රටේ මත්ද්‍රව්‍ය වලින් විනාශවන දෙය පිළිබඳ තැකීමක් නැහැ. මත්ද්‍රව්‍යකාරයොත් රකිනවා මානව හිමිකම් ගැන කියලා. එම නිසා මානව හිමිකම් සංවිධානවලට විරුද්ධව මත්ද්‍රව්‍යකාරයින්ට එරෙහි සටන මා අතහරින්නේ නැහැ.

මානව හිමිකම් සංවිධානවලට මා කියනවා ඔය වෙස්මූණ ගලවලා මත්ද්‍රව්‍ය විරෝධී ජාතික ව්‍යාපාරයට එක්වී මේ රට මත්ද්‍රව්‍ය වලින් හා දරුවන් රැකගන්න කියා. මේ රටේ දුප්පත්කමට දුගි බවට ප‍්‍රබල ප‍්‍රශ්නය මත්ද්‍රව්‍ය. මේ රටේ දුප්පත්කම වැඩි මත්ද්‍රව්‍ය නිසා. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ දුප්පත් ජනතාව . එම නිසා ඔවුන් තවත් දුප්පත් වෙනවා. ලෙඞ්ඩුවෙනවා, ඔවුන් විනාශකාරී දෙවල් හා නීති විරෝධී දේට යොමුවෙනවා. එම නිසා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට විරුද්ධව කතාකරපසු ඊට විරුද්ධ වන මානව හිමිකම් සංවිධාන මේ යතාර්ථය හා සත්‍ය දැකගන්නැත්තේ ඇයි කියා මා විමසනවා.

ඉදිරි දිනවලදී මත්ද්‍රව්‍ය මර්දනය සම්බන්ධයෙන් පිලිපිනයේ විශේෂ කණ්ඩායමක් ලංකාවට එනවා. ඒ නිසා මෙතෙක් ගෙන ගිය මත්ද්‍රව්‍ය මර්දන විරෝධී ව්‍යාපාරය අලූත් මුහුණුවරකින් ලබන සතියේ සිට පටන්ගන්නවා.

තවත් මං විශේෂ දෙයක් කියන්න  ඕනෑ ඔබට දැනගන්න. මත්ද්‍රව්‍ය නිසා මත්කුඩු නිසා මරණීය දණ්ඩනය නියම වී සිටින අය එල්ලා මැරීමට මම තීරණය කළා කියා පසුගිය දවසක මා ප‍්‍රකාශයක් කළා.

ලංකාවේ සිරගෙවල් වල සියගණනක් සිටිනවා මත්ද්‍රව්‍ය නිසා මරණීය දණ්ඩනය නියමවූ අපරාධකරුවන්. හරි පුදුමයක් මා මේ ගැන කියන්නම්. මත්ද්‍රව්‍ය හේතුවෙන් මරණීය දණ්ඩනයට නියමවූ මේ පුද්ගලයින්ගේ අපරාධකරුවන්ගේ මරණීය දණ්ඩය නියම කිරීම සඳහා අත්සන් කළයුතු ලිපිගොනු නැහැ ඒවා අතුරුදහන් වෙලා. හිරගෙදර තිබෙන්නේ මරණ දඩුවමට මෙම පුද්ගලයා  නියමවුනා කියාදුන් තින්දුව විතරයි.

එහි සඳහන් වන්නේ මොහු මරණ දඩුවමට නියමවූ පුද්ගලයකු කියා විතරයි. ලිපිගොනු කිසිවක් නැහැ. ඊට අදාල වෙනත් ලිපිගොනු කිසිවක් නැහැ. හිරගෙදරත් නැහැ. ඒවා අධිකරණ අමාත්‍යංශයෙත් නැහැ. මොකද්ද මෙයට හේතුව. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මේ ලිපිගොනු සොරකම් කරලා.

එවැනි ලිපිගොනුවක් තිබෙන්නේ ලංකාවේ සිරගෙදර සිටින එක් පුද්ගලයකුට පමණයි. ඒ පුද්ගලයා ශ‍්‍රී ලංකිකයකු නොවෙයි ඔහු පාකිස්තාන් ජාතිකයෙක්. මට පාකිස්තාන් ජාතිකයෙකු එල්ලා මරන්න අවශ්‍ය නැහැ මත්ද්‍රව්‍ය නිසා. නමුත් මා හොයනවා ලිපිගොනු එකක් දෙකක් හෝ මත්ද්‍රව්‍ය නිසා මේ රටේ ශ‍්‍රී ලංකිකයෙක් මරණීය දණ්ඩනය නියමවූ. එම නිසා මා ඒ වැඩසටහන අත්හරින්නේ නැහැ.

මේ දරුවන්ට, රටට මේ ජාතියට විනකරන ජාවාරම්කරුවන්ට සමාව දෙන්න කියාද මේ කියන්නේ. ඔවුන්ව ආරක්ෂා කරන්නද කියන්නේ.මේවාට සම්බන්ධ වන අය බොහෝ පිරිස් ඉන්නවා. දේශපාලඥයින් ඉන්නවා, හොද මහත්වරුවගේ ඉන්න රාජ්‍ය නිලධාරන් ඉන්නවා. එළියට පේන්නේ ජාවාරම්කරුවන් ගැන විතරයි තොරතුරු ලැබෙන්නේ. නමුත් මේ මහත්වරුවගේ ජාවාරම්කරන පුද්ගලයින් පිළිබඳ ඉදිරියේදී රටට හෙළිකරනවා‘‘ යැයිද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

ජනපති ඝාතන කුමන්ත්‍රණයක් ගැන කසුකුසු ! කුමන්ත්‍රණය පිටුපස ප්‍රබල එජාප ඇමතිවරයෙක් ?

colombotoday

“රත්නපුරේදී පොලිස්පති ‘සර්‘ කියා ඇමතුවේ ඉස්කෝලෙ සර් ටයි“ – කිරිඇල්ල

colombotoday

අභිමානවත් 72 වැනි නිදහස් දින සමරුව අද නිදහස් චතුරස‍්‍රයේදී

colombotoday

15 හැවිරිදි දැරිය විකිණීමේ සිද්ධිය: ලංකා-ඇඩ්ස් අන්තර්ජාල ගණිකා මඩමේ හිමිකරු අත්අඩංගුවට

colombotoday

නිකවැරටියේ සියලු වෙළෙඳසැල් දින තුනක් වසා දමයි

colombotoday

ආණ්ඩු පක්ෂයේ විශේෂ පක්ෂ නායක රැස්වීමක්

colombotoday