Colombo Today Local News

පැය දෙකක මෙහෙයුමක්, 401 දෙනෙක් අත්අඩංගුවේ.. හෙරොයින් ග්‍රෑම් 65ක් අල්ලයි

මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් සම්බන්ධයෙන් බස් නැවතුම්පොළ, දුම්රිය ස්ථාන ඇතුළු බස්නාහිර පළාතේ පොදු ස්ථානවල සිදුකළ වැටලීම්වලදී සැකකරුවන් 400කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (18)දින රාත්‍රි 07.00 සිට රාත්‍රි 09.00 දක්වා පැය දෙකක කාලය තුළ සිදුකළ මෙම මෙහෙයුමේදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 401 දෙනෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පැවසුවේය.

එහිදී හෙරොයින් ග්‍රෑම් 65යි මිලිග්‍රෑම් 371ක් සමග 164 දෙනෙකු, ගංජා ග්‍රෑම් 210 මිලිග්‍රෑම් 510ක් සමග 88 දෙනෙකු, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 26යි මිලිග්‍රෑම් 70 සමග සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර, අද අලුයම 5ට අවසන් වු පැය 24 තුළ බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ වැටලීම්වලදී නීතිවිරෝධි මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් 530 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ද බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේය.

Related posts

බැදුම්කර වාර්තාව කල් යයි.. කොමිසමේ කාලය දීර්ඝ කෙරේ !

colombotoday

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා සිටින අයගේ තොරතුරු දෙන්නැයි නියෝග

colombotoday

බලය බෙදන ව්‍යවස්ථාව හදන ජයම්පතීට ලක්ෂ 450ක වාහනයක් !

colombotoday

හුදකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක් යළි විවෘත කෙරේ

colombotoday

“ලොව ණය හිමියන් සහ ණය ගැතියන් ජාතීන් වත්මන් අර්බුද කඩිනමින් විසඳීමට සාමූහිකව වැඩ කළ යුතුයි”

colombotoday

විරෝධතා නිසා IMF සාකච්ඡාවට බාදා

colombotoday