Colombo Today Local News

පැණි බීම, සීනි බද්දත් පහළට…

කාබනික බීම වර්ග සඳහා සීනි ග්‍රෑම් 06ක් දක්වා ද, පළතුරු බීම වර්ග සඳහා සීනි ග්‍රෑම් 09ක් දක්වා ද බද්දෙන් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.

ඒසේම පළතුරු බීම වර්ග සඳහා සීනි ග්‍රෑම් 1 කට අය කළ ශත 50 බද්ද ශත 30 දක්වා අඩු කිරීමට ද උපදෙස් ලබාදී තිබේ.

අග්‍රාමාත්‍යවරයා හා පළතුරු බීම හා බිස්කට් නිෂ්පාදන ආයතන හිමියන් අතර පැවැති හමුවකන් අනතුරුව මෙම උපදෙස් අදාළ අංශ වෙත ලබාදී තිබේ.

මේ හරහා වෙළඳ පොළේ පැණි බීම දැනට අලෙවි වන මිලට වඩා 30%කින් මිල අඩු කිරීමට හැකි වන බව නිෂ්පාදන ආයතන ප්‍රධානීන් ප්‍රකාශ කර තිබේ.

පසුගිය රජය බිස්කට් සඳහා සීනි බද්දක් අය කිරීමට සූදානමක් තිබූ බව එම සමාගම් වල නියෝජිතයින් මෙහිදී හෙළි කරන ලදී. එහෙත් වත්මන් රජය එවැනි සීනි බද්දක් අය කිරීමට කිසිඳු සූදානමක් නොමැති බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

Related posts

රජයේ අවශ්‍ය සහයෝගය දෙන්නේ නම්, පැලවත්ත කිරි රටටම දෙන්න සූදානම්

colombotoday

රංගේ බණ්ඩාරත් ඉවත් වෙයි !!

colombotoday

තුර්කි ගම්මානයේ වෙඩි තැබීමක්

colombotoday

විදේශ අමාත්‍යංශයේ කොන්සියුලර් අංශය හෙට සිට විවෘතයි

colombotoday

“ආණ්ඩුව දොඩවන පුරසාරම් ඔක්කොම බොරු.. ආණ්ඩුවට ඉලක්කයක් නෑ” රතන හිමි

colombotoday

හම්බන්තොට නිවාස අහිමි වූ පවුල් 97කට රජයෙන් ඉඩම්

Admin