Colombo Today Local News

විදේශ අමාත්‍යංශයේ කොන්සියුලර් අංශය හෙට සිට විවෘතයි

කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ මාසයක කාලයක් තාවකාලිකව වසා දමා තිබූ විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය හෙට (11)දිනයේ සිට යළි ආරම්භ කරන බව එම අමාත්‍යාංශය කියා සිටී.

වසංගත තත්ත්ව යටතේ හඳුන්වා දී ඇති සෞඛ්‍ය ආරක්ෂණ පියවරයන්ට අනුකූලව උප්පැන්න සහතික, අධ්‍යාපන සුදුසුකම් සහතික කර ගැනීම ආදී කොන්සියුලර් සේවා ඇරඹෙන බවද විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කර සිටී.

ඒ අනුව අනිවාර්යයෙන්ම කලින් වේලාව වෙන්කර ගැනීමේ පදනම මත දිනකට සීමිත ගනුදෙනුකරුවන් පිරිසකගේ ලේඛන සහතික කිරීමේ සේවා නැවත ආරම්භ වන බවද එම අමාත්‍යාංශය කියයි.

ඒ අනුව, කොන්සියුලර් කටයුතු අංශයට පැමිණීමට පෙර https://mfa.gov.lk/online-consular-services/ යන වෙබ් දිගුව හෝ 0094 112 338 812 යන දුරකථන අංකය හරහා ඒ සඳහා වේලාවක් වෙන් කර ගත යුතු වන අතර, එසේ වේලාවන් වෙන්කර ගත හැක්කේ සතියේ වැඩ කරන දිනවල උදේ 10.00 සිට ප.ව 2.00 දක්වා පමණක් බවද විදේශ අමාත්‍යාංශය කියා සිටී.

මේ ආකාරයට කලින් වේලාව වෙන්කර නොගත් පුද්ගලයින්ට කොළඹ 01 සෙලින්කෝ ගොඩනැගිල්ලේ පිහිටි කාර්යාල පරිශ්‍රයට ඇතුළුවීමට ඉඩ ලබා නොදෙන අතර, හුදෙකලා කොට ඇති හෝ ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල පුද්ගලයින් මෙම කාලය තුළ දී කාර්යාලයට පැමිණීමෙන් වැළකී සිටින්නැයිද එම අමාත්‍යාංශය මහජනතාවට දැනුම් දී සිටී.

විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයින්ගේ මරණය, වන්දි ගෙවීම්, නැවත මෙරටට ගෙන්වා ගැනීම සහ වෙනත් කාරණා සම්බන්ධ විමසුම් සඳහා 0094 112 338 836 හෝ 0094 113 136 715 හෝ 0094 776 032 252 හෝ 00 94 773 586 433 හෝ 0094 718 415 623 හෝ 0094 701 428 246 යන දුරකථන අංක වලින් සහ 0094 112 473 899 යන ෆැක්ස් අංකයෙන් හා විද්‍යුත් තැපෑල: consular@mfa.gov.lk ඔස්සේ වැඩිදුර විමසිය හැකිය.

විදේශ අමාත්‍යාංශයේ මාතර සහ යාපනය ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල දෙක සතියේ වැඩකරන දිනවල දී සාමාන්‍ය ජනතාව සඳහා විවෘත කරන අතර මාතර ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය 0094 412 226 697 දුරකථන අංකයෙන් හා යාපනය ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය 00 94 212 215 972 යන දුරකථන අංකය අමතා කලින් වේලාවක් වෙන් කර ගත යුතු බවද එම අමාත්‍යාංශය කියා සිටී.

Related posts

“මම දේශපාලන ජීවියෙක්” ජීවත් වන තුරා දේශපාලනය කරනවා – ජනපති

colombotoday

සුරාබදු දෙපාර්තමේන්තුවටත් පැන්න කොරෝනා නිලධාරියකු බිලි ගනී – 21ක් ලෙඩ කරයි

colombotoday

ජනපති උපදෙසින් අපරාධ කල්ලිවලට එරෙහි මෙහෙයුම් දැඩි කරයි

colombotoday

අලුත් ව්‍යවස්ථාව ගොඩදාන්න මහජන මතය හදන වැඩේ රාජිතට !

colombotoday

කෝප් කමිටුවේ නව සභාපති රංජිත් බණ්ඩාර

colombotoday

පොලිස් ඇමති සමඟ සාකච්ඡාවකින් පසු ඕමාන් ආයෝජකයා ලංකාව හැරයන තීරණය වෙනස්කරයි

Admin