Colombo Today Local News

පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට STF කැදවයි…

ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණය පැවැත්වෙන  (5) පාර්ලිමේන්තුවට පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ ආරක්ෂාවක් දීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තීරණය කර ඇත.

උද්ඝෝෂණකරුවන් පාර්ලිමේන්තුවට පැමිණීමට උත්සහ දැරුවොත් ඒ උත්සාහය වැළැක්වීමට පියවර ගන්නා බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ලංකාදීපයට පැවැසීය.

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සඳහා අමතර පොලිස් කණ්ඩායම් යොදවන බව කී පොලිස්පතිවරයා මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට නිදහසේ පැමිණීමට ආරක්ෂක වාතාවරණය සකසන බවද ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව සොයා බැලීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ (4) පස්වරුවේ එහි පැමිණියේය.

Related posts

ඔන්ලයින් ක්‍රමයට උප්පැන්න, මරණ සහ විවාහ සහතික නිකුත් කිරීම ඇරඹේ

colombotoday

ගාල්ල මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් කොරෝනා ආසාදිතයින් 5ක්

colombotoday

ලංගම සේවකයින්ගේ වන්දි ගෙවීම් තාවකාලිකව නවතයි

colombotoday

මන්ත්‍රී පවුල්වලට පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් කෑම

colombotoday

කැබිනට් සංශෝධනයෙන් පසු ආණ්ඩුවේ තවත් 10ක් විපක්ෂයට

colombotoday

බොර තෙල් මිල පහළ යයි

Admin