Colombo Today Local News

ඔන්ලයින් ක්‍රමයට උප්පැන්න, මරණ සහ විවාහ සහතික නිකුත් කිරීම ඇරඹේ

මාර්ගගත ක්‍රමය හෙවත් ඔන්ලයින් ක්‍රමය යටතේ උප්පැන්න, මරණ සහ විවාහ සහතික නිකුත් කිරීම රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව විසින් මේ වන විට ආරම්භ කර තිබේ.

ඉකුත් 02 වනදා සිට ක්‍රියාත්මක මෙම මාර්ගගත ක්‍රමය හදුන්වාදීම ජාතික ආරක්ෂක හා ආපදා කලමනාකරණ රාජ්‍ය අමාත්‍යංශය යටතේ පාළනය වන රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව විසින් තබන ලද විශාල ඉදිරි පියවරක් බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න පවසයි.

එමගින් උප්පැන්න, මරණ සහ විවාහ සහතික නිකුත් කිරීමේ පැවති අක්‍රමිකතා වැළැක්වෙන බවත්, කඩිනමින් අදාල සහතික පත්වල පිටපත් ලබා ගැනීමට ඉඩ ලැබෙන බවත් ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දෙයි.

මෙම නව වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී ආරක්ෂක ලේකම්වරයා මෙම අදහස් පළ කළේය.

1960 වර්ෂයේ සිට 2018 වසර දක්වා ලියාපදිංචි කරන ලද උප්පැන්න, මරණ හා විවාහ සහතික මිලියන 36 ක් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ මධ්‍යගත පද්ධතියට ඇතුලත් කර ඇති බවයි මෙහිදී අනාවරණ කෙරුණේ. අන්තර්ජාලය ඔස්සේ ගෙවීම් කර මාර්ගගත ක්‍රමයට අදාල සහතික ලබාගැනීම සඳහා ඉල්ලුම් කළ හැකියි.

ඒ පිළිබද වැඩි විස්තර www.rgd.gov.lk වෙබ් අඩවියෙන් හෝ 011 2 88 95 18 යන දුරකතන අංකය ඔස්සේ ලබාගත හැකි බව රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

Related posts

දකුණ හෙල්ලූ අභිරහස් පාතාල වෙඩික්කරු කොටුවෙයි.. එල්ටීටීඊ සන්නද්ධ අංශයේ හිටපු ප්‍රබලයෙක් !

colombotoday

මහමෙවුනාවේ සුබෝධි හිමි සංඝ සභාවෙන් ඉවත් කළා. තවත් පියවර රාශියක් ඉදිරියේදී ගන්නවා. | කල්‍යාණවංශ පාර්ශවය කියයි.

colombotoday

උඩරට දුම්රිය මාර්ගය යථා තත්වයට

Admin

අද දවල් සිට ගෑස් බෙදා හැරීමේ ඇරඹේ – ලිට්‍රෝ

colombotoday

නීතිය සාමය මද්දුමබණ්ඩාරට දීම පිළිකුල්.. මහනුවර ගැටුම් ඇතිවුණේ නායකත්වයේ වරදින්

colombotoday

කොවිෂීල්ඩ් එන්නතේ ‘පළමු මාත්‍රාව ලබාදීම’ තාවකාලිකව අත්හිටුවයි

colombotoday