Colombo Today Local News

නිරෝධායන නියෝගවලට පටහැණිව කටයුතු කළොත් වසර 5ක සිර දඬුවම්

නිරෝධායන නියෝගයකට පටහැණිව කටයුතු කරන හෝ සත්‍ය තොරතුරු වසන් කර යම් ලේඛනවල අසත්‍ය තොරතුරු සටහන් කරන පුද්ගලයන්ට නිරෝධායන ආඥා පනත යටතේ වසර 5ක සිර දඬුවම් ලබා දිය හැකි බව නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

මෙරට අපරාධ නීතියේ 399වන වගන්තියේ සඳහන් වන පරිදි අනෙකකු ලෙස පෙනී සිටීමෙන් වංචා කිරීමේ වරදට ද හසු වන බවත් යම් අයෙක් තොරතුරු සටහන් කිරීමට ඇති ලේඛනවල අසත්‍ය තොරතුරු සටහන් කරන්නේ නම් එය කූට ලේඛන සකස් කිරීමේ වරදට ද යටත් වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

යම් පුද්ගලයන් ඇඳිරි නිති බලපත් ගෙන තවත් පුද්ගලයන්ට විකුණා ඇති සිද්ධීන් සම්බන්ධයෙන් වාර්තා වීම් ඇති බව ඒ මහතා කියා සිටියේය.ඉකුත් දිනවල ඇඳිරි නිති බලපතක් ගත් පුද්ගලයෙක් එම බලපත්‍රය ඡායාරූප ගතකරමින් එහි පිටපතක් රුපියල් 15000ක මුදලකට විකිණිම සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

විපක්ෂ නායකකමට නම් දෙකක් ලැබුණා – කථානායක

colombotoday

මන්නා රමේෂ් ඩුබායිහීදී හසු වේ

Admin

යළි හිස ඔසවන ඉස්ලාම් අන්තවාදය පිළිබඳව විශේෂ අනතුරු ඇඟවීමක්

colombotoday

ආපදා සේවයේ යෙදී සිටි ගුවන් හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටෙයි !

colombotoday

මරික්කාර්ගේ ඇගිලි ගැසීමට තනූජාත් එරෙහි වෙයි.. සිරසේ සියලු තනතුරු දමා ගෙදර යයි !

colombotoday

ඉස්ලාමික රාජ්‍ය ත්‍රස්තයන් 15ක් ලංකාවේ සිට ඉන්දියාවට පැනලා !

colombotoday