Colombo Today Local News

දේව මෙහෙයෙන් පසු සාමාකාමීව කටයුතු කරන්නැයි උලමා සභාව මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලයි

අද දිනයේ ඉස්ලාම් දේවස්ථානවල සිදුකෙරෙන දේව මෙහෙයන්හිදීත් ඉන් පසුවත් සාමකාමීව කටයුතු කරන ලෙස සමස්ත ලංකා ජෛමතුල් උලෙමා සංවිධානය සියලු මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා.

දේවස්ථාන භාරකාර මණ්ඩලවල අනුමැතිය සහිතව අද (09) සිකුරාදා දේව මෙහෙය පැවැත්වෙන වෙලාවන් අවශ්‍ය පරිදි වෙනස් කර ගත හැකි බව දන්වන එම සංවිධානය ආරක්ෂක අංශ සමඟ සහයෝගයෙන් ක්‍රියාකරන ලෙසද ඉල්ලා තිබෙනවා.

පසුගිය කාලයේ දී බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූ ජෛමතුල් උලෙමා යනු ඉස්ලාමීය ධර්මධරයන්ගෙන් සැදුම් ලත් මුල්පෙලේ ආගමික සංවිධානයක්. 9.6% වන ශ්‍රී ලාංකීය මුස්ලිම් ප්‍රජාව සඳහා ආගමික සහ ප්‍රජා නායකත්වය සපයන මෙම සංවිධානය පිහිටුවන ලද්දේ 1924 වර්ෂයේදීයි. මෙය 2000 අංක 51 දරණ පනත යටතේ ‍ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ සංස්ථාපනය කරන ලද නීත්‍යානුකූල සංවිධානයක්.

Related posts

ඇදිරිනීතිය අස්සේ බස්නාහිරින් පැන්න අය සොයා පොලිස් මෙහෙයුම් ඇරඹෙයි…

colombotoday

අදත් පැය 3ක විදුලි කප්පාදුවක්

colombotoday

තවත් ෆයිසර් එන්නත් තොගයක් කටුනායකට

colombotoday

රාජ්‍ය සේවකයින් ලක්ෂ පහමාරකට වැටුප් ගෙවීමට නොහැකි තත්ත්වයක් – ඇමති වජිරගෙන් නිවේදනයක්

colombotoday

අගමැතිධූරය ගැන නිවේදනයක්

colombotoday

ගුරු වර්ජණයෙන් පාසල් සියයට 90ක වැඩකටයුතු අඩපණයි…

colombotoday