Colombo Today Local News

දුම්රිය ගාස්තු 15%කින් ඉහළට…

එළඹෙන අප්‍රේල් මාසයේ සිට දුම්රිය ගාස්තු 15% කින් වැඩි කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය සාමාන්‍යාධිකාරී එම්. අබේවික්‍රම පවසන ආකාරයට අදාළ ගාස්තු ඉහළ දැමීම වෙනුවෙන් අවශ්‍ය රජයේ අවසරය ලැබී ඇති අතර ඊට අදාළ ගැසට් නිවේදනය මාර්තු මස අගදී නිකුත් කිරීමට නියමිතව ඇත.

කෙසේ වුවත් අදාළ දුම්රිය ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත් කර ඇති බව ද දුම්රිය දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කර සිටින අතර එහිදී මේ වන විට රුපියල් 10ක් වන දුම්රිය අවම ගාස්තුවෙන් ගමන් කළ හැකි දුර ප්‍රමාණය වෙනස් කිරීමට අවධානය යොමු වී ඇති බවද වාර්තා වෙයි.

Related posts

ෂාෆිගෙන් හෙළිවුණු ගර්බාෂ යුද්ධය සහ, සිංහල වාර්ගික සංහාරය !

colombotoday

ප්‍රදේශ රැසක බස් රථ ධාවනයෙන් වෙයි

colombotoday

කුණාටු තත්ත්වය හේතුවෙන් ගාලු වරායේ නැවක් ගසාගෙන යයි

colombotoday

නාවලපිටියේ අය වැය වැඩි ඡන්ද 12කින් සම්මතයි

Admin

මත්ස්‍ය තොග මිලදී ගැනීමට රුපියල් මිලියන 200 ක්

colombotoday

පාර්ලිමේන්තු මහලේකම් ධුරය කුෂානි රෝහණධීරට

Admin