Colombo Today Local News

තම බල ප්‍රදේශයේ සිදුවන අපරාධ පිළිබදව ප්‍රදේශය භාර පොලිස් ප්‍රධානියා වගකිව යුතුයි

තම බල ප්‍රදේශයේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු දුෂණ ක්‍රියා සම්බන්ධයෙන් කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් වගකිව යුතු බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

ඔහු පවසන්නේ නිල ඇඳුමේ ගෞරවය ආරක්ෂාකර ගැනිමට පොලිස් නිලධාරින් වගකීමෙන් කටයුතු කළ යුතු බවය.

ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී ආරක්ෂක ලේකම්වරයා මේ බව පැවසීය.

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මුල් තැන දී ඇත්තේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට බවත් ඒ සඳහා සිය රාජකාරි කටයුතු නිවැරදිව ඉටුකළ යුතු බවත් ඒ මහතා පෙන්වා දෙයි.

නිලධාරින් බොහොමයක් නිවැරදිව සිය රාජකාරි සිදුකරන නමුත් ඇතැම් පිරිස් සම්බන්ධයෙන් තමා කනගාටුවන බවත් ඔහු පැවසීය.

එමෙන්ම පොලීසියට පැමිණිලි කළද එයින් ප්‍රතිඵලයක් නොමැති බව සඳහන් කරමින් මහජනතාවගෙන් තමන්ට ලිපි ලැබෙන බවත් එවැන්නක් සිදු වන්නේ නම් එවැනි නිලධාරින්ගෙන් වැඩක් නැති බවත් ඔහු අවධාරණය කළේය.

Related posts

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

ජනපතිතුමනි-අගමැතිතුමනි අන්තවාදීන් අත්අඩංගුවට ගන්න තව මිනී කීයක් ඕනද ?

colombotoday

යාපනය විද්‍යා දැරියගේ ඝාතනයේ වරදකරු ජීවිතක්ෂයට

Admin

යකඩ පෙනහළු මිනිසා දිවිගමනට සමු දේ

Admin

නව නීතියෙන් ධර්මපාල චින්තනයටත් වැට… හැඟිම් ඇවිස්සෙන කතා කළොත් වසර දෙකක් සිරගෙට

colombotoday

සජබ පෙළපාලියට නොච්චියාගමදී පොලීසියෙන් හරස් වෙයි

colombotoday