Colombo Today Local News

යාපනය විද්‍යා දැරියගේ ඝාතනයේ වරදකරු ජීවිතක්ෂයට

මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනය ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමව පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටි පූබාලසිංහම් තවකුමාර් නැමැත්තා හදිසි රෝගී තත්ත්වයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවක් වාර්ථා වේ.

එම තැනැත්තාට ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මාර්තු 31 වන දින මහනුවර රෝහලට ඇතුළත් කර ඇති අතර, ඊට සුළු වේලාවකට පසු ඔහු ජීවිතක්ෂයට පත්වූ බව රෝහල් පොලීසිය සඳහන් කළේය.

මෙලෙස මියගිය පූබාලසිංහම් 39 වැනි වියේ පසුවන අතර ඔහු මරණ දණ්ඩනය සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කර තිබූ බවද පොලීසිය පවසයි.

මරණීය දණ්ඩනය නියම වීමෙන් පසු පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයට යොමු කර සිටි මොහු විටින් විට රෝගාතුර වීම හේතුවෙන් බන්ධනාගාර රෝහලට සහ මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දී තිබිණි.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළ සිරුර මහනුවර ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

මරණයට හේතුව නිශ්චිතව ප්‍රකාශ කළ හැක්කේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් පසුව බව පොලීසිය පවසයි.

විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් යාපනය මහාධිකරණයේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ස්විස් කුමාර් ඇතුළු හත්දෙනෙකුට මරණ දඬුවම් ලබාදෙනු ලැබීය.

යාපනය මහාධිකරණ විනිසුරු මානිකවාසගර් ඉලංචෙලියන්, ත්‍රිකුණාමල මහාධිකරණ විනිසුරු අන්නලිංගම් ප්‍රේම්ශංකර් සහ වව්නියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන්ගේ ඒකමතික තීන්දුවක් ලෙස අදාළ දඬුවම ප්‍රකාශයට පත් විය.

විද්‍යා දැරිය 2015 මැයි මස 13 දින යාපනයේ දී ඝාතනයට ලක් වූ අතර ඒ සම්බන්ධයෙන් අඩංගුවට ගත් පුද්ගලයින් හත් දෙනෙකුට 2017 වසරේ දී මරණ දණ්ඩනය නියම වීමෙන් අදාළ ඝාතනය උතුරේ මෙන්ම මුළු මහත් සමාජයේම ආන්දෝලනයකට තුඩු දුන්නේය.

Related posts

දේශීය ආදායම් පනතට IMF අත තියයි.. සංශෝධනය කරන්න ඉල්ලයි.. සම්බන්ධීකරණය මුදල් අමාත්‍යාංශයෙන් !

colombotoday

බඩල්කුඹුර-අලුපොත ගම්මානය හුදෙකලා කෙරේ

colombotoday

යුද්ධය හරියට කරාද.. හොයා බලන දකුණු අප්‍රිකානු මොඩලයේ කොමිසම එන අවුරුද්දේ මුල

colombotoday

GIT විභාගය ප්‍රථම වරට Online ක්‍රමයට

colombotoday

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට

colombotoday

“සිංහලයන්ගෙන් 68%ක් බලය බෙදීමට එකඟයි. ප්‍රංශයත් එක්ක මං කළ සමීක්ෂණයෙන් හෙළි වුණා”

colombotoday